හුස්ම පොදට වටිනාකමක් දී , කොරෝනාවෙන් මිදෙමු
Wednesday, 28 April 2021 - 9:32 | Views - 4,944
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත දිනයක් ගැන අනාවැකියක් හෝ පළවී නොමැත. කොරෝනා වෙනුවෙන් එන්නත්කරණය පටන්ගෙන තිබුණ ද ඉන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට තවත් කාලයක් යනු ඇත. ඊට හේතුවී ඇත්තේ කොරෝනා වෛරසයේ ප‍්‍රභේද මොහොතින් මොහොත වෙනස් වෙමින් කි‍්‍රයාකාරී වන නිසාවෙනි. එනිසාම මේ මොහොතේත් කොරෝනා වෛරසයට හොඳම ඖෂධය වී ඇත්තේ පරිස්සමය. අපේ රටේ ජනතාව අවුරුදු සිරිය විඳගනිද්දී කාටත් හොර රහසේම කොරෝනාව ගේ එළිපත්තට පැමිණ ඇත. කොරෝනාවට ගොදුරු වී ජීවිත අවදානමක් ගන්නවාද? එසේ නැතහොත් පරිස්සම් වී තමාත්, තම ආදරණීයනුත්, රටත් ආරක්‍ෂා කර ගන්නවාද යන තීරණය ඇත්තේ ඔබ අතේය. මෙරටින් පසුගිය කාලයේදී හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ රෝග ලක්‍ෂණ නොපෙන්වුවද නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය සමග හමුවන  රෝගීන්ගේ රෝග ලක්‍ෂණ බහුලව දක්නට ලැබෙන බව අසාත්මික, ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ සංකූලතා රාශියක් මතුවීම මෙන්ම අසාදිතයන් නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බව හෙතෙම පෙන්වාදෙයි.

කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා කරනු ලබන මෙරට පී.සී.ආර්. පරීක්‍ෂණවලදී දැනට පැතිර යන මෙම නව කොරෝනා ප‍්‍රභේදයේ 'S' ජානය හඳුනා ගැනීම අපහසු බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එම 'S' ජානයේ විකෘතිතාව හඳුනා ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. නව වෛරසයෙන් කොරෝනා පොකුරු නිර්මාණය සිදුවුවහොත් එය මුළු රටටම තීරණාත්මක විය හැකි බවද හෙතෙම පෙන්වාදෙයි.

අප මේ මුහුණදෙමින් සිටින්නේ කොරෝනා තෙවැනි රැල්ලට දැයි නිශ්චිතව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කර නැත. එහෙත් නව වෛරස්් ප‍්‍රභේදයේ ව්‍යාප්තිය දෙස බලන විට එවැනි අනතුරක රට තිබෙන බව නම් ඉතා පැහැදිලිය. එනිසාම මේ මොහොතේ අප රටේ සෑම පුරවැසියකුම සිය වගකීම කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන කටයුතු නොකළහොත් අපට භයානක ප‍්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇත.

මාධ්‍ය මගින් ජනතාව කෙතරම් දැනුවත් කළ ද, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ රෝගය පාලනය කිරීමට කෙතරම් කැප වුවද ජනතාව ඒ සඳහා සහයෝගය නුදුන්නොත් අපට කොරෝනා පාලනය හුදු සිහිනයක්ම වනු ඇත. දැන් බොහෝ ජනතාවට දෙදෙනකු අතර තිබිය යුතු පරතරය පිළිබඳව පවා අමතක වී ඇති සෙයක් දැනේ. කොරෝනාවෙන් ආරක්‍ෂා වීම සඳහා හොඳම කි‍්‍රයාමාර්ගය වන්නේ මුවආරණ පැළඳීම බව සෞඛ්‍ය අංශ නිරතුරුවම ජනතාව දැනුවත් කළත් සමහරුන් එය දමාගන්නේ නිකටටය. කොරෝනාවෙන් මිදීමට නම් පළමුව තමන් තමන්ට අවංක විය යුතුය. තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කළහොත් කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා අවස්ථාව තිබේ. අනෙක් වඩා වැදගත් කාරණය සෑම මොහොතකම සිහිකල්පනාවෙන් ජීවත්වීමය. සිහිනුවණ ගිලිහුණොත් කොරෝනාවට ඔබ ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය. ඕනෑම මොහොතක අප කොරෝනා ආසාදිතයකු බවට පත්වීමට ඇති අවදානම ගැන කල්පනාවෙන් සිටියහොත් ඉන් ගැලවීමට අපට පුළුවන.

සැණකෙළි, සාද, සුහද හමුවීම් යනාදිය මේ මොහොතේ පැවැත්වීම කිසිසේත් සුදුසු නැත. අප හැමෝටම ඇතිතරම් සතුටු වීමට කාලයක් එළඹෙනු ඇත. ඒ අපේ රටින් කොරෝනා මුළුමනින්ම තුරන් වූ දවසකය. එතෙක් ඉවසීමෙන් හා පරිස්සමෙන් අපට අපේ ජන ජීවිතය කළමනාකරණය කරගැනීමට සිදුවනු ඇත. අපට පමණක් නොව අද ලෝකයේ බොහෝ ජනතාවට මෙම නව ප‍්‍රවණතාවය හමුවේ සිය ජීවන චර්යාව වෙනස්කර ගැනීමට සිදුව ඇත. කොරෝනාව සමඟ සෙල්ලම් නොකර ජීවිතය බේරා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතේම බව සෑම මොහොතකම සිතිය යුතුය.
 
උපුටා ගැනීම - දිවයින 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,228 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,689 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,546 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,315 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,132 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,007 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top