ඔබේ දරුවා සුරක්‍ෂිතද? ඔබම තීරණය කරන්න
Tuesday, 30 March 2021 - 10:53 | Views - 4,455
ඔබේ දරුවා සුරක්‍ෂිතද?
 
දරුවන් පිළිබඳව අප හද තුළ ඇත්තේ පිවිතුරු හැගීමකි. ශිෂ්ට සමාජයකදී දරුවන්ට කරදර පීඩා ඇතිවන්නේ නැත. එවැනි සමාජයක හැදී වැඩෙන දරුවෝ හෙට මේ රට භාර ගනිති. එනිසා දරුවන්ට සුරක්‍ෂිතතාවය මෙන්ම කායික හා මානසික පීඩනයකින් තොරව ජීවත්වීමට අවැසි පරිසරය නිර්මාණය කිරීම වැඩිහිටියන්ගේ යුතුකමයි.
 
 අප බොහෝ විට සිතන්නේ දරුවන්ට අතවර වන්නේ වැඩිහිටියන්ගෙන් කියාය.එය සත්‍යයකි. දරුවන් බොහෝ විට අතවරයට පත්වන්නේ තම සමීපතමයන් අතිනි. දරුවා සුරක්‍ෂිත යැයි අප විශ්වාස කරන තැන්වල ඇතැම් විට ආරක්‍ෂාවක් ඇත්තේම නැති තරම්ය. අවසර දුටු කල මල් කැකුළු විනාශ කරන පාපතරයෝ අනන්තවත් මේ රටේ සිටිති. ඇතැම් අවස්ථාවලදී මුහුණු පොත හරහා මෙම දරුවන් වසඟයට ගන්නා කාමාතුරයෝ දරුවන්ගේ මුළු ලෝකයම කඩා බිඳ දමති. දරුවකුට වරදින්නට ගතවන්නේ සුළු කාලයකි. එනිසාම තම දරුවන් ඇසක් මෙන් රැුකගැනීමට දෙමාපියන් කැපවිය යුතුය.
 
අප නිතරම කල්පනා කරනුයේ දරුවන් විනාශ වනුයේ වැඩිහිටියන් අතින් බවයි. නමුත් ඒ සියල්ල කණපිට පෙරළුෑ පුවතක් අපට පසුගියදා කැකිරාව ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
 
එම සිද්ධියට අනුව කැකිරාව ප‍්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක එම පන්තියේම පිරිමි දරුවන් දෙදෙනෙකු අතින් දූෂණයට ලක්ව තිබේ. සති දෙකක් තිස්සේ මෙම ශිෂ්‍යාවට බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. වින්දිත ශිෂ්‍යාව එකම පංතියේ ශිෂ්‍යයකු සමග කතා කරමින් සිටින අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට තර්ජනය කරමින් එක් ශිෂ්‍යයකුගේ නිවසට කැඳවා මෙම අපයෝජනය සිදුකර ඇත. කැකිරාව දිසා රෝහලේදී සිදු කරන ලද පරීක්‍ෂණයකදී මෙම ශිෂ්‍යාව අපයෝජනයට ලක්වූ බව තහවුරු කර ඇත.
 
 මෙම සිද්ධියට අදාළ ශිෂ්‍යයන් දෙදෙනා ළමා නිවස්නයක රැඳවීමට උසාවියෙන් නියෝග කර ඇති අතර අපයෝජනයට ලක්වූ දැරිය ඇගේ අක්කාගේ භාරයට පත්කිරීමට පියවර ගෙන ඇත.
 
 මෙම සිද්ධිය සියුම්ව බැලීමේදී පෙනී යන්නේ අප සමාජය තුළ විශාල සමාජ පරිහානියක් සිදුව ඇති බවයි. තම පන්තියේ සහෝදර ශිෂ්‍යාවක කාමුක අපරාධයකට යොදා ගැනීමට තරම් මෙම දරුවන් සැහැසි වූයේ ඇයි ද යන්න වෙනමම සොයා බැලිය යුතු කරුණකි. මෙම දරුවන්ගේ පවුල් පසුබිම, ඔවුන් ආශ‍්‍රය කරන පුද්ගලයන් නිසා මෙම දරුවන් මෙම තත්ත්වයට පත්වූවාද? එසේ නැතහොත් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි නරක දර්ශන මෙම දරුවන්ගේ සිත් දූෂණය කළේ ද යන්න සොයා බැලිය යුතුය. මෙම දරුවන් දෙදෙනා ඇසුරින් අදාළ පරීක්‍ෂණය කළ යුත්තේ සමාජයේ තවත් දරුවන් පිරිසක් එම වළට වැටීම වළක්වා ගැනීම පිණිසය. මෙම සිද්ධිය සුළුවෙන් නොතකා ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරන්නැයි අදාළ නිලධාරීන්ට සමාජ සමීක්‍ෂකයන්ට අප ඉතා ඕනෑකමින් ආරාධනා කරමු. එවැනි අධ්‍යයනයකින් හෙළි කරනු ලබන තොරතුරු අනාගතයේදී තවත් විපතකට පත්වීමට හැකි දැරියක එම විපතින් මුදා ගැනීම පිණිස හේතුවනු ඇත.
 
 මෙම සිද්ධියෙන් අපගේ ආදරණීය දෙමාපියන් ද පාඩම් උගත යුතුය. ඔබ ඔබේ දරුවාට පණ සේ ආදරය කරන්නා සේම දරුවාගේ හැසිරීම් රටාව ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. ඔබගේ නිවසේදී ඔබේ දරුවාට උපරිම රැකවරණය ලැබුණ ද සමාජයට මුදාහළ පසු එම ආරක්‍ෂාව රැකවරණය ලැබේ යැයි සියයට සියයක්ම සහතික කළ නොහැක. අධම, කුහක, විෂම සමාජ ස්ථරයන් මේ රටේ අනන්තවත් තිබේ. එවැනි සමාජ ස්ථරයක පාපියකු ඔබගේ දරුවා විනාශ කිරීමට ඉඩ ඇත. එනිසා දරුවා යනඑන තැන් ඔහු ඇසුරුකරන්නන් පිළිබඳව දෙමාපියන් විමසිල්ලෙන් සිටිය යුතුය. එසේම අද සමාජයේ පවතින මෙම අධම තත්ත්වය පිළිබඳව දරුවන්ට කියා දිය හැකි පළමු මොහොතේම අවබෝධ කරවීමටත් අමතක නොකළ යුතුය.
 
 
උපුටා ගැනීම - දිවයින 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,228 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,689 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,545 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,315 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,367 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,131 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,007 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,002 Views
Top