ඡායාරූප එවීම ආරම්භ කළ"අමල්",
Monday, 15 February 2021 - 13:57 | Views - 6,217
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පළමු වරට අඟහරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ‘අමල්’ නමැති රොබෝ ගවේෂණ යානය, අඟහරුගේ ඡායාරූප එවීම ආරම්භ කර තිබෙනවා.

‘අමල්’ යන්නෙහි අර්ථය බලාපොරොත්තුව යන්නය. මෙම රොබෝ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 9 වැනිදාය. අඟහරුගේ ඡායාරූප ලබා ගැනීම, වායුගෝලය අධ්‍යයනය කිරීම අමල්ගේ අරමුණ වී තිබුණා.

අඟහරුගේ රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘අමල්’ රොබෝ යානයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් වගේම අරාබි රාජ්‍යයකින් අඟහරු වෙත යැවුණු පළමු ගවේෂණ යානය වන්නේ ද ‘අමල්’ ය

‘අමල්’ යානය රැදී සිටින්නේ අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 24,7000 ක් ඉහළ කක්ෂයේය. මෙය අඟහරු කක්ෂයේ රැදී සිටිමින් අඟහරු වටා ගමන් කරනු ලබනවා. අඟහරුගේ එක් වසරක් යනු දින 687 ක් වන අතර, ‘අමල්’ යානය වසරක කාලයක් අඟහරු ගවේෂණය කිරීමට නියමිතය.

‘අමල්’ යානය අඟහරු වෙත යැවීම සිදුවූයේ පසුගිය වසරේ ජූලි මාසයේය. පසගිය වසරේ ජූලි මාසයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පමණක් නොව, චීනයත් ඇමෙරිකාවත් අඟහරු වෙත රොබෝ යානා යැවීම සිදු කළේය. ඒ, අඟහරු පෘථිවියට සමීපව පිහිටි අවස්ථාවේදීය.

චීනය යැවූ රොබෝ යානය කොටස් 3 කින් සමන්විත වන අතර, කක්ෂීය යානයක්, පතිත කරවන යානයක් සහ රොබෝ රෝවර් යානයක් ඊට ඇතුළත්ය. චීන යානය අඟහරු කක්ෂයට ඇතුළු වූයේ පසුගිය 10 වැනිදාය. එලඹෙන 18 වැනිදා ඇමෙරිකන් ගවේෂණ යානය අඟහරු මතට පතිත කිරීම සිදුවවා.




ඩුබායිහිදීය (රොයිටර්)
ලංකාදීප
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,229 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,689 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,547 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,132 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,007 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top