ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ 85වැනි ජන්ම දිනය අද.
Friday, 12 February 2021 - 11:23 | Views - 1,659
සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අද දිනයේ විශේෂ උත්සවයක් නොපවත්වන බව ජෝතිපාල රසික හවුල පවසනවා.ඒ වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටි ජෝතිපාලයන්ගේ සොහොන් ටැඹට පුෂ්පෝපහාර දක්වනු ලබන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
පිපුණු මල වගේ හාදු දී
නටති හැමදෙන වී පොදී
ස්ථිර නෑ මේවා නම් සැමදා
මල පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපි...
Share This Article