නව ස්මාර්ට් මුහුණු ආවරණයක් ..,
Monday, 18 January 2021 - 12:59 | Views - 1,514

CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ?


විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති.

CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය.

මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත.

සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත.

මෙම මුහුණු ආවරණය දැනට සංකල්පයක් වන අතර එය තවමත් විකිණීමට නොමැත.

මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි.

කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පාදනයක් නොවන අතර, මේ වන විට ද එවැනි නිෂ්පාදන වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබේ. කෙසේවෙතත් සමාගම පවසන්නේ මෙම මුහුණු ආවරණයේ "අඩු ආලෝකය යටතේ ක්‍රියාකරන ක්‍රමයක්" ඇති බවය.


අඳුරු ස්ථානයක දී මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වේ.

එයින් අදහස් කරන්නේ අඳුරු ස්ථානයක මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වන බවය. එයින් ඔබේ මුව ද ආලෝකමත් වේ.

රේසර් සමාගම කියා සිටින්නේ මෙයින් ඔබට "ආලෝකකරණ තත්වයන් නොසලකා හැර පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන" බවය.

ඇතුළත ඇති සියලු තාක්‍ෂණය සමඟ මෙය පැළඳ සිටීම පහසු ද?

බීබීසී සේවයේ තාක්ෂණික කණ්ඩායම මෙය අත්හදා බලා නොමැත.

නමුත් රේසර් සමාගම පවසන්නේ සිලිකන් රවුමක් සවි කර ඇති නිසා එය පැළඳ සිටීම පහසු වන අතර, මුහුණ ආවරණය ඔබේ මුඛයේ වැදීමෙන් වළක්වන බවය.

කන් පෙති වටා යොදන පුඩුව පළල්ව නිමවා ඇති නිසා ඔබේ කනට දැනෙන පීඩනය ද අවම බව සමාගම පවසයි.

පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ "වොයිස්ඈම්ප්" අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.

සමාගම පවසන්නේ අභ්‍යන්තර මයික්‍රෆෝනය සහ විකාශන යන්ත්‍රය ඔබේ කටහඬ වඩාත් පැහැදිලි කරන බවය.

සම්ප්‍රදායික මුහුණු ආවරණයකින් නාසය සහ මුඛය වැසීමත් සමඟ අපැහැදිලි කටහඬ විශේෂ ගැටළුවක් විය හැකිය.

මෙය සංකල්පීය නිෂ්පාදනයක් වන අතර එය දැනට වෙළෙඳපොලේ නොමැත. බීබීසී සේවය රේසර් සමාගමෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇති නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

කෙසේවෙතත්, The Verge (ද වර්ජ්) තාක්‍ෂණ වෙබ් අඩවියෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ මුහුණු ආවරණයේ පෙරහන් වෙනස් කළ යුතු කාලය සහ වාතාශ්‍රය සපයන කොටසේ කල්පැවැත්ම ගැන තවමත් පරීක්‍ෂා කරමින් සිටින්නේ යයි රේසර් සමාගම පැවසූ බවය.


උපුටා ගැනීම - බී බී සී සිංහල 


Share This Article
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 1,709 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
Monday, 21 December 2020 - 14:38
Hiru Tv Blog 1,674 Views
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 7,720 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය...
Hiru Tv Blog
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි.එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම්...
Hiru Tv Blog
රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට ආපු...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Top