ඇඟට මොළේට ගුණ කසකසා ඇට
Tuesday, 17 November 2020 - 10:17 | Views - 10,209
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 599 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 159 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 174 Views
Top