සුරූපී ගායිකා සෙලිනා ගෝමස් තම නවතම චිත්‍රපටිය ලෙසට In the Shadow of the Mountain චිත්‍රපටිය සදහා අත්සන් තබා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම චිත්‍රපටිය Silvia Vásquez-Lavado නම්වූ පේරු කඳු නගින්නියකුගේ චරිතාපදානයක් මත පදනම් වූ චිත්‍රපටියක් වන අතර මෙම චිත්‍රපටිය සදහා ඇයගේ සුවිශේෂී වූ මතක සටහන් ඇතුලත් කර තිබෙන බවටයි සදහන් වන්නේ.
2022 වර්ෂයේදී තිරගත කිරීමට නියමිතව තිබෙන මෙම චිත්‍රපටිය බොහෝ දෙනකුගේ අවධානය මේ වනවිටත් දිනාගෙන තිබෙනවා.
2016 වර්ෂයේදී Silvia Vásquez-Lavado එවරස්ට් කන්ද තරණය කළ පළමු පේරු කාන්තාව බවට පත්ව තිබෙන අතර මේ වන විට ඇය සැන් ෆ්රැන්සිස්කෝ නුවර කල් ගත කරන බවටයි සදහන් වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි...