විවාහයෙන් පසුව මුල් කාලෙ නම් සර්ප්‍රයිස් කිරීම් සිදුවුණා. දැන්නම් ඉතින් තෑගි තමයි ලැබෙන්නේ
Tuesday, 29 September 2020 - 14:59 | Views - 465

මංජුලාගේ උපත ගැන ගෙදර අය කියලා තියෙන්නෙ මොනවද?

මගේ උපත සිදුවෙන්නෙ සැප්තැම්බර් 30 වැනිදා. ඉතින් ගෙදර අය ගොඩක්ම කැමැත්තෙන් ඉඳලා තියෙනවා දුවෙක් ලැබෙනවට. අම්මා ගොඩක්ම ආසාවෙන් ඉඳලා තියෙන්නෙ. මුලින්ම ගැහැණු ළමයෙක් ඉපදෙනවට. ඉතින් ඒ හිතුවා වගේම පළවෙනි දරුවා දුවෙක් වෙලා තියෙනවා. මට පසුව ඉතින් ගෙදර ඉන්නෙ සහෝදරයෙක්.

ඒ කාලෙ සමරපු උපන් දිනයක් ගැන මතකයේ තියෙනවද?

මගේ අවුරුද්ද ලබපු උපන් දිනේ ටිකක් ජයට සැමරුවා. එහි ඡායාරූප ගත්තෙ දැන් අපේ රටේ ඉන්න ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන අතුල මහවලගේ. ඉතින් මට අවුරුද්ද ලබපු ඒ උපන් දිනය වෙනුවෙන් ලබාගත් ඡායාරූප එකතුවක්ම මා සතුව තියෙනවා. ඉතින් එදා ඒ කේක් කපලා එහෙම සමරපු උපන්දිනය ගැන මගේ මතකයෙ තවම තියෙනවා. හරිම සුන්දර මතකයක් විදියට.

ඉන්පසුව සමරපු විශේෂ උපන් දිනයක් ගැන මතකයේ නැද්ද?

ඇත්තටම එතැනින් පසුව ලොකුවට උත්සව ගැනුනෙ නම් නැහැ. නමුත් පාසල් යන කාලෙදී ඉතින් උපන් දිනය දවසෙ කේක් එකක් අරගෙන යනවා. ඒ කාලෙදී හැමෝම වගේ කරපු දෙයක්නෙ ඒ. ඉතින් සමහර උපන් දින මගෙ පවුලේ කිහිප දෙනෙකුත් යාළුවොත් එකතුවෙලා බොහොම සැහැල්ලු ලෙස සමරලා තියෙනවා. ලොකු විශේෂයක් නැහැ.

උපන් දිනය දවසෙ සාමාන්‍යයෙන් මොකද කරන්නෙ?

ඒ දවසෙ අනිවාර්යයෙන්ම ගෙදර කිරිබතක් උයනවා. ඒවා අරගෙන පන්සල් යනවා. ඒ පුණ්‍ය කටයුතුවල යෙදෙන එක සිදුවුණා බොහෝ දුරට. ඒ වගේම හවස්වරුවෙ කේක් එකක් කපලා හරි සාමාන්‍ය විදියට ගත කරනවා.

රංගන ශිල්පිනියක් වුණාට පසුව සුබ පැතුම් එකතුවීම පෙරට වඩා වැඩිවෙන්න ඇති ?

ඔව්. අනිවාර්යයෙන්ම. මගේ උපන් දිනය දවස ලබද්දිම හිතාගන්න බැරි විදියට සුබ පැතුම් එකතු වෙනවා. කෙටි පණිවිඩ එවලා සමහර වෙලාවට ජංගම දුරකථනය අවහිර වෙනවා. ඇත්තටම ඒ දේවල් හරිම සුන්දරයි. ඉතින් මම වෙනුවෙන් මේ තරම් රසික රසිකාවියෝ ඉන්නවා කියලා දැනෙද්දි ඒ දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. විශේෂයෙන් ඕළු ටෙලි නිර්මාණය හරහා තමයි බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තෙ. අදටත් ඒ චරිතයට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා.

ඒ වගේම නිසඳැස්, කවි, නිර්මාණ, කේක්, මල් පොකුරු වගේ දේවලුත් එවනවා. උපන් දිනයට පමණක්ම නොවෙයි ඒ කාලෙ නම් ඉතින් ලිපි ගෝනි ගණන් ලැබුණෙ. මෑතක් වනතුරුම ඒ දේවල් මගෙ ළඟ තිබුණා. තවමත් සුරැකිව තියෙන නිර්මාණ එකතුවක් මගේ ළඟ තියෙනවා.

රූගත කිරීම් අතරතුර සමරපු උපන්දින තියෙනවද?

ඔව්. දෙවතාවකදී රූගත කිරීම් තියෙද්දි උපන් දිනය යෙදිලා තිබුණා.  නිර්මාණය රූගත කිරීම් කරද්දි ඒ කණ්ඩායමේ පිරිස ඒ දවසෙ මාව සර්ප්‍රයිස් කළා. උපන් දිනයට කේක් ගෙනල්ලා ඒ සියල්ල සූදානම් කරලා. ඇත්තටම මම නොහිතන මොහොතක ඒ දේවල් සිදුවුණේ. ඉතින් ඒ නාට්‍යය කණ්ඩායමේ හැමෝගෙන්ම සුබ පැතුම් එක්ක කේක් කපලා එහෙම ඒ දවසෙ උපන්දිනය සැමරුවා.

විවාහයෙන් පසුව සැමියා දුන්නු සර්ප්‍රයිස් ඇති?

විවාහයෙන් පසුව මුල් කාලෙ නම් සර්ප්‍රයිස් කිරීම් සිදුවුණා. දැන්නම් ඉතින් තෑගි තමයි ලැබෙන්නෙ. රෝස මල් පොකුරක් අනිවාර්යයෙන් ලැබෙනවා. ඒවා තමයි.

ඔහුගෙන් ලැබිලා තියෙන වටිනාම ත්‍යාගය ?

වටිනාම තෑග්ග තමයි ඔහු මට දියමන්ති මුදුවක් දුන්නා.

 මේ වතාවෙ කොයි විදියෙ දෙයක් දෙන්න බලාගෙන ඉන්නව ද දන්නෙ නැහැ?

තවම දන්නෙ නම් නැහැ. උපන් දිනය මතකද දන්නෙත් නැහැනෙ. බලන්න ඕනෑ ඉතින්.

දැන් මංජුලා දෙදරු මවක්නෙ? ඉතින් දරුවොත් එක්ක එකතුවෙලා ඒ සමරපු උපන් දිනත් ඇති?

ඇත්තටම මගේ උපන්දිනේ ලොකු විශේෂයක් කරන්නෙ නැහැ. නමුත් දරුවො දෙන්නා ආසයිනෙ අම්මාගේ උපන්දිනේ කියලා ඒ දවස සාමාන්‍ය විදියට හෝ සමරන්න.. ඉතින් එදාට කේක් එකක් කපලා පොඩි සැමරීමක් තියෙනවා. නැත්නම් කෑමකට එළියට යනවා. ඉතින් මේ වෙද්දි නම් මගේ උපන්දින ගැන හිතන්නෙ නැති තරම්. මොකද මම දැන් දරුවො දෙන්නගේ උපන්දින සැමරුම් ගැන තමයි ගොඩක්ම හිතන්නෙ.

Image may contain: 1 person හරහා දැක බලාගන්න පුළුවන් මගෙ දරුවො දෙන්නගේ උපන්දින සැමරුම්. ඕලි, බිනෝලි නමින් සඳහන් කරලා තියෙන්නෙ. දැන් මගේ පුතාට අවුරුදු 5 ක් සහ දුවට අවුරුදු දෙකක් වෙනවා. දුවගෙ පළමු උපන් දිනයත්, පුතාගෙ 4 වන උපන් දිනයත් ජයටම සැමරීමක් කළා. ඒ වෙනුවෙන් මම සෑහෙන පරිශ්‍රමයක් දැරුවා. මාසයක් විතර මම හරියට නිදි නැහැ. මල් ආරුක්කු 7 ක් මම නිර්මාණය කළා.

80% මම තනියෙන් ඒවා නිර්මාණය කළේ. මල් ආරුක්කුවක් කියන්නෙ උළුවස්සක් වගේ එකක්නෙ. ඉතින් මම කොහොමත් කැමති ඒ හැමදේම වගේ අතින්ම නිර්මාණය කරන්න. ඒ වගේම පුතාගෙ උපන්දිනයට ‘මුහුද’ කියන තේමාව නිර්මාණය කළා. ‘Sea World’ මොකද පුතා ගොඩක් කැමතියි මුහුදට, මුහුදු සත්ත්වයනට, නැව් ආදියට. ඉතින් ලස්සන නැවක් එක්ක මුහුද හරි ලස්සනට නිර්මාණය කළා. ඉතින් ඒවත් එක්ක තමයි මගේ දේවල්වලට වඩා මම දැන් උනන්දු වෙන්නෙ. කවදාහරි ඒ මතකයන්නෙ ඒගොල්ලන්ට ඉතිරිවෙන්නෙ.

ඉතින් මේ 30 වැනිදා මංජුලාගෙ උපන් දිනයට මොනවත් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

මේ වතාවෙ නම් විශේෂ දෙයක් කරන්න ඉන්නවා. වෙනදට වඩා මොකද අපි අලුතින් හදපු ගොඩනැගිල්ලක් විවෘත කරනවා. ඒ දවසෙ ඉතින් පිරිතක් තියෙනවා ගෙදර. ඉතින් ඒ විවෘතයට දිනයක් බැලුවම 30 හොඳයි කියලා කිව්වා. ඉතින් එදිනට මගේ උපන්දිනයත් තියෙන නිසා ඒක විශේෂයක්. ඒත් එක්කම තවත් විශේෂයක් සිද්ධ වෙනවා. මේ විවෘතයත් එක්කම ලබන මාසෙ මැද මගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහිදී මංගල ඇඳුම්. මංගල සාරි, ගවුම් සහ විවිධ උත්සව ඇඳුම් අලෙවිය සිද්ධ වෙන්නෙ. ලස්සන ඇඳුම් එකතුවක් තියෙන්නෙ ‘ඕළු මනාලි’ නමින් තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නෙ. ඒවත් එක්ක තමයි ඉතින් කාලය ගතවෙන්නෙ.

ධනු විජේරත්න.

Image may contain: 1 person, smiling, outdoor
Share This Article
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,654 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,431 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට...
Hiru Tv Blog
රිතික් රොෂාන් මුම්බායි හි මුහුදට මුහුණලා ඇති මහල් නිවාස කිහිපයක් මිලදී ගෙන...
Hiru Tv Blog
ප්‍රසංග වේදිකාවේ තම මියුරු ගායන හැකියාවෙන්ම  මෙන්ම සරාගී නර්තන හැකියාව නිසාවෙත්ම...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top