එයා මට සීමා දාලා නැහැ- කළු , සුදු චරිත දෙකම සිනෙතිට කරන්න පුළුවන් කියලා ඔප්පු වුණා
Monday, 10 August 2020 - 15:54 | Views - 720
පවුල් ජීවිතේ හොඳින් ගෙවිලා යනවා. විවාහ වුණාට පස්සේ රටේ ඇති වුණු තත්ත්වය නිසා ඇඳිරි නීතිය දැම්මනේ. හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනෙ. ඉතින් අපි දෙන්නාම ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන අය. නමුත් මේ තත්ත්වයත් එක්ක ටිකක් වැඩිපුර අපිට එකට ඉන්න අවස්ථාව ලැබුණා. අපි දෙන්නා සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
විවාහ වුණාට පස්සෙ නිර්මාණ කටයුතුවලට සීමා මායිම් දාගෙනද?
ඇත්තටම නැහැ. මගේ සැමියා කලා ක්ෂේත්රයේම කටයුතුවල නිරත වෙන කෙනෙක්. ඉතින් කලා ක්ෂේත්රයේ අයව එයා හඳුනනවා. ඉතින් ඒ නිසා එයා මට සීමා දාලා නැහැ.
ඔබ රංගනයෙන් දායක වුණු අලුත් චිත්‍රපටත් තිරගත වෙන්න තියෙනවද?
ඔව්. වෙස්සන්තර රජ දවස, සාරි ගප්පි, රන්දෝනි කියන චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.
සිනෙතිට ප්‍රේක්ෂක ආදරය තාමත් අඩුවක් නැතුව ලැබෙනවද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි. මම සෝමරත්න දිසානායක මහත්මයාගේ සිරිපැරකුම් චිත්‍රපටයෙන් තමයි සිනමාවට ආවේ. ඊට පස්සේ සරිගම, සුනාමි කියන චිත්‍රපටවලට සම්බන්ධ වුණා. ප්රේක්ෂකයන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොනවද අලුතින් එන්න තියෙන වැඩ කියලා එයාලා නිතරම අහනවා. ඉතින් ඉදිරියේදී අලුත් නිර්මාණ එළියට එයි. බලන් ඉන්න කියලා තමයි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ.
ඔබගේ වැඩි කැමැත්ත ටෙලි නාට්‍ය රංගනයටද? සිනමාවටද?
වැඩිපුර කැමැති නම් සිනමාවට.
සිනමාවෙන් ක්ෂේත්රයට පය තැබීමද ඒකට හේතුව?
සමහරවිට ඒක වෙන්න ඇති. මගේ පළමු චිත්‍රපටය 'සිරිපැරකුම්'. ඒක දැවැන්ත චිත්‍රපටයක්. ඒ නිර්මාණයේ වැඩ කරන්න ලැබුණු අයත් එක්ක සිනමාවට ආදරේ හිතුණා. ආදරේ කරන ප්‍රවීණ ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඔවුන් වගේ රංගනයේ ඉදිරියට යන්න ගොඩක් ආසයි. සෝමරත්න දිසානායක මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබාදීම පිළිබඳව.
ඔබ මෙතෙක් රංගන දායකත්වය දුන් චරිත අතරින් විශේෂයෙන් කැමැති චරිතයක් තිබෙනවද?
මම කරපු හැම චරිතයකටම ආදරෙයි. සිරිපැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයටයි සරිගම චිත්‍රපටයේ ඕලුගේ චරිතයටයි ගොඩක් ආදරෙයි.
වැඩි කැමැත්තක් තියෙන්නෙ මොනවගේ චරිත රඟපාන්නද?
මම කැමැති වෙස්ටර්න්, ෆැන්ටසි නැතුව දුප්පත් කටුක ජීවිතයක් ගත කරන ගැහැනියකගේ චරිත රඟපාන්න. එවැනි චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. නමුත් මම හොයපු චරිතයම නෙවෙයි.
ඔබේ දක්ෂතාව අධ්යක්ෂවරු හඳුනාගෙන තිබෙනවාද? ඒ දක්ෂතාවට ගැළපෙන තැන ලැබුණාද?
ඔව්. හම්බවෙලා තියෙනවා. රන්සයුර චිත්‍රපටයේ සඳලිගෙ චරිතය දුප්පත්, අනුන්ට බැළමෙහෙවර කරන චරිතයක්. නමුත් ඇය සාර්ථකත්වයට පත්වුණා. ඒ චරිතයට මම ආසයි. සිරිපැරකුම් චිත්‍රපටයේ මට ලැබුණේ නපුරු චරිතයක්. සරිගම චිත්‍රපටයේ ඕලු කියන්නේ ආදරණීය චරිතයක්.
හැමෝම ආස කළු චරිතවලට වඩා සුදු චරිත කරන්න. කළු, සුදු භේදයක් නොමැතිව ඕන චරිතයක් මම භාර ගන්නවා. සිරිපැරකුම් චිත්‍රපටයේ කළු චරිතයක් කරලා සරිගම චිත්‍රපටයේ සුදු චරිතයක් කළාම කළු - සුදු චරිත දෙකම සිනෙතිට කරන්න පුළුවන් කියලා ඔප්පු වුණා.
කලා ක්ෂේත්රයේ කටයුතුවලට අමතරව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන අනෙකුත් වැඩකටයුතු මොනවද?
කලා කටයුතුවලට අමතරව ඉදිරියේදී ව්‍යාපාරික කටයුත්තක් අරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සිනෙති දිගටම රංගන කටයුතුවල නියැළෙයිද?
ඔව්. මම කලාවට ආදරෙයි. පුළුවන් උපරිමයෙන් රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම - හදගැස්ම
Share This Article