මම හිතන්නේ මවක් වූ පසු වෙනදාටත් වඩා බිරිඳ කියන කෙනා සැමියා හට කරන සැළකීම් වගකීම් ඉටු කළ යුතුයි
Monday, 10 August 2020 - 11:32 | Views - 465
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?

කලින් ගෙවූ සරල සැහැල්ලූ බව දැන් නැතිවෙලා. වගකීම් එක්ක යා යුතු ඉදිරියක්. මම ඒකට සූදානම්. ආදරණීයව ඒ ගමනට ලැහැස්තියි. මවක වූ ඒ මොහොත නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ. ඉස්සෙල්ලාම පුතාගෙ මුහුණ දුටුවාම ඇති වූ ඒ හැඟීම මම හිතන්නේ වචනවලට හරවන්නට බැහැ. ඒක හරි අසිරිමත් මොහොතක්. සතුට එක්ක හරිම සංවේදී වූ අවස්ථාවක්. මවකගෙ අරුත අහලා දැකලා තිබුණට ඒ අසිරිමත් අත්දැකීම විඳගන්න නම් මවක් වෙන්නම ඕනෑ. අද මා විඳින්නෙ දකින්නේ ඒ අරුතයි. දුවක ලැබුණත් පුතෙකු ලැබුණත් මවකට ආඩම්බරයක්. කොහොම වුණත් පුතෙක් නිසා මම තවත් ආඩම්බරවෙලා කියලා හිතෙනවා. එයාව සෑම අතකින්ම හොඳ විදියට සමාජයට යොමු කරවීම අපි දෙන්නගෙ අරමුණයි. අලුතින් ගෙදරට සාමාජිකයකු ආවාම කලින් ගෙදර තිබුණු පරිසරයට වඩා වෙනස්. අපි දැන් ඒ පරිසරයට හැඩ ගැසෙමින් සිටින බව කියන්න පුළුවනි. නිස්කලංකව තිබුණු ගෙදර දැන් සද්ද වැඩියි. හැමෝම කළබල වෙලා. පොඩ්ඩා ගෙදරට අලුත් හැඩයක් දීලා. පවුලේ හැමෝම ලොකු සතුටක් ලබන්නේ.

 සැමියා කොහොමද අද අදහස් ප්‍රකාශ කරන්නේ?

එයාට හරි සතුටුයි. දරුවො කියන්නේ ලොකු වගකීමක්නේ. ඒ වගකීම එක්ක පුතෙකු ලැබීම නිසා දැන්ම සිටම එයා පුතාගේ අනාගතය ගැන සැළසුම් කරන බව පෙනෙනවා. අධ්‍යාපනය වගේම මානසික මට්ටම දරුවාට යහපත් විදියට ලබාදීම තමයි අපේ අරමුණ.

 මෙතැනින් එහාට රඟපෑම කොහොම වේවිද?

හැමෝම වගේ අද මගෙන් ඒ ගැන අහනවා. අද අපි මේ අලුත් ජීවිතයට හුරුවෙන ගමන්. ඒ නිසා වෙන දෙයක් ගැන නොසිතන තරම්. ඒත් රඟපෑමෙන් නම් කවදාවත් ඈත්වන්නේ නැහැ. පුතාට සෙනෙහස ලැබිය යුතු කාලයේදී එය උපරිමව ලබාදීම මවකගේ වගකීමක්. එයා ටිකක් ලොකු වුණාම හොඳ චරිත එක්ක ආයෙත් රඟපෑමට එක්වේවි. රංගනයට මගේ පවුලේ අය වගේම සැමියා ඇතුළු හැමෝම උදවු කරනවා.

 
මවක් වූ පසු බිරිඳගේ භූමිකාව කොහොම විය යුතුය කියල ද හිතන්නේ?

මම හිතන්නේ මවක වූ පසු වෙනදාටත් වඩා බිරිඳ කියන කෙනා සැමියා හට කරන සැළකීම් වගකීම් ඉටු කළ යුතුයි. මවක් වුණාය කියලා බිරිඳ යන භූමිකාව මගෙන් ඉවත් වුණේ නැහැ.

 
පුතා අනාගතයේ මොන වගේ අංශයක නිරත වෙනවටද පුද්ගලිකව ඔබ කැමැති?

මුලින් ඔහු ඔහුගේ හැකියාවන් හඳුනාගත යුතුයි. ඉන්පසුව අපේ වගකීම අපි කළ යුතුයි. ඒ හැර කල් තියා අපට කියන්නට බැහැ. මුලින් එයා කමැති සහ දක්ෂ මොනවටද කියලා දැන ගන්න කල් ඉන්න වෙනවා. අපි කැමැතිදේට බල කිරීම අසාධාරණයි.

මූලිකම දේ හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මොන විදියට ඉගෙනීම් කළත් කලාව සහ ක්‍රීඩාව මනුෂ්‍යයකුගේ ජීවිතයට හරිම වැදගත් කියලා මම විශ්වාස කරනවා. කලාව සහ ක්‍රීඩාවට යොමුවූ පුද්ගලයා හට අනෙකා ගැන සංවේදීව කටයුතු කරන්න පුළුවනි.

 
ඔබට තිබෙන අනාගත සිහින මොනවාද?

ලොකු හීන නැහැ. දැනට තියෙන ලොකුම අරමුණු පුතා තමයි. එයාව හොඳ විදියට හදලා රටට ලෝකෙට වැඩදායී චරිතයක් ලෙස සමාජගත කිරීම තමයි අරමුණ.

 
සටහන: සඳුන් ගමගේ

Image may contain: one or more people, shoes and closeup
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,062 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,069 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top