ඇත්තටම ඒක මම අත්දැකිමෙන් කියන්නේ,ජලය පානය කිරිමෙන් අපේ සම නිරෝගී වෙනවා
Friday, 31 July 2020 - 10:42 | Views - 624
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?

රංගන ශිල්පිනියක් විදිහට මම හැම වෙලාවේම ලස්සනට ඉන්න උත්සාහ කරනවා. මම විතරක් නෙවෙයි අනෙකුත් මගේ සහෝදර රංගන ශිල්පිනියොත් එහෙම තමා. සාමාන්‍ය තරුණියක් විදිහටත් අපි ඉතින් කැමතියිනේ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. මමත් එහෙමයි. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා ඉතින් මම කරනවා.

ඔබ පැහැපත් වෙන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් මොනවාද?

පොඩි කාළේ ඉඳලාම මට තිබුණේ පැහැපත් සමක්. නමුත්, පැහැපත් සමක් සමග මම ගොඩක් ආස කළා නිකැලල් සමක් ලබාගන්න. අව්වට යන කොට සම අවපැහැ ගැන්වෙනවා. කුරුලෑ ඇතිවුණාම සම තුළ නිරෝගී භාවයක් නැති වෙනවා. ඒ වෙනුවෙන් මම ස්වභාවික සත්කාරයන් සමට කරනවා. ඒ වගේම ජලය පානය කරන එක හරහාත් අපේ සම නිරෝගී වෙනවා. ඒ නිසා මම දිනකට ජලය වැඩි ප්‍රමාණයක් බොනවා. ඇත්තටම ඒක මම අත්දැකිමෙන් කියන්නේ. ජලය පානය කිරිමෙන් අපේ සම නිරෝගී වෙනවා. ඒ වගේම විටමින් සී පළතුරු, එළවලු වගේ දේවල් ආහාරයට ගත්තොත් අපේ සම තවත් ලස්සන කරගන්න පුළුවන්.

යාළුවෝ ඔබගේ ශරිරයේ වඩාත්ම ලස්සනයි කියල හඳුන්වන්නේ මොනවද?

ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ අය තමයි මගේ යාළුවෝ වෙන්නේ. ඒ අය ඉතින් නිතරම වගේ මම ලස්සනයි කියලා කියනවා. නමුත්, මේ අවයවය ඔයාගේ ලස්සනයි කියලා එහෙම විශේෂයෙන්ම කියන්නේ නැහැ. ඒත්, තරුණයෝ නම් කියනවා මගේ ඇස් දෙකයි තොල් පෙතියි ගොඩක් ලස්සනයි කියල. ඒ අය කියන නිසා මටත් හිතෙනවා මගේ ඇස් දෙකයි තොල් පෙතියි ගොඩක් ලස්සන ඇති කියලා.

ඇඳුම් මිළඳි ගන්න ඔබ යන්නේ තනියමද?

නැහැ. මම කවදාවත් තනියම ඇඳුම් ගන්න යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මගේ යාළුවෙක් එහෙමත් නැත්නම් යාළුවෝ කිහිප දෙනෙක් එක්ක තමයි මම ඇඳුම් ගන්න යන්නේ. මොකද, මම තනියම ඇඳුම් ගන්න යන්නේ නැත්තේ එකක් රංගන ශිල්පිනියක් නිසා අපහසුතාවයට පත් වෙන එක. අනිත් එක තමයි කාත් එක්ක හරි ගියාම මට ගැළපෙන හොඳම ඇඳුම තෝර ගන්න පුළුවන්. මම තනියම ගියා නම් ඒදේ කරන්න බැහැ.

අඳින්න ආස ඇඳුම් මොනවද ඔබ?

ගවුම් අඳින්නත් කැමතියි. ඒ වගේම ඩෙනිමයි ටි ෂර්ට් එකක් හරි බ්ලවුස් එකක් හරි අඳින්නත් කැමතියි. මොකද, ඒක මට ගොඩක් පහසු නිසා. ඇඳුමක් ගනිද්දි මම ඒකේ තත්ත්වය හරි මිල ගැන හරි ලොකුවට හිතන්නේ නැහැ. මට අවශ්‍ය කරන්නේ ඒ ඇඳුම මට ලස්සනද කියන එක විතරයි. ඒකට හේතුව තමයි රංගන ශිල්පිනියක් විදහට අපි ගන්න ඇඳුම් එක පාරකට හෝ දෙපාරකට වැඩිය අඳින්න බැහැ.

කොට ඇඳුම්ද, දිග ඇඳුම්ද ඔබ වඩාත් අඳින්න කැමති?

එහෙම කියන්න බැහැ. කොට ඇඳුම් වගේම දිග ඇඳුමුත් මා ගාව තියෙනවා. තැනට උචිත විදිහට මම ඒ දෙවර්ගයම අඳිනවා. අවමංගල උත්සවයකට හරි පූජනීය ස්ථානයකට හරි යන්න බැහැනේ කොටට ඇඳලා. ඒ වෙලාවට යන්න ඕනා චාම්ව දිගට ඇඳලා. මංගල උත්සවයකට, උපන්දින සාදයකට හරි වෙනත් ප්‍රිය සම්භාෂණ උත්සවයකට වගේ නම් කොට ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ නිසා මම කලින් කිව්වා වගේ තැනට ගැළපෙන විදිහට තමයි මම ඇදුම් තෝරගෙන අඳින්නේ.

බුද්ධික සේනාධීර

Image may contain: 1 person, standingImage may contain: 1 personImage may contain: 1 person, standing
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,062 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,069 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top