මම ආසාවෙන් හිටියේ දුවෙකුට.ඒත් පුතෙක් කියලා දැන ගත්‍තාම වාව් කියලා කියවුණා
Thursday, 30 July 2020 - 14:22 | Views - 1,817
ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි ගැන අලුත් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි ඇය මවක් වුනා. කියන එක. බොහෝ දෙනෙක් හිතන්නේ තවමත් ඇය ගැබිනියක් කියලයි. ඒකට හේතුව තමයි පසුගිය සතියේ ඇයගේ ෆොටෝ ෂූට් එකක් සමාජමාධ්‍ය ඔස්සේ පලවෙලා තිබුණු නිසා. අම්මා කෙනෙක් වුනු තාරුකා ගැනයි මේ.

තාරුකා,ඔබ උතුම් මවු පදවිය ලැබුවා..කියමු ඒ ගැන?
ඇත්තටම මම අම්මා කෙනෙක් වෙන්න හිටියේ ලබන මාසේ.ඒ කියන්නේ අගෝස්තුවේ තමයි අපිට ඩොක්ටර් දින දීලා තිබුණේ.ඒත් හදිසියේම ඩිලිවරි එක කරන්න වුණා.මව් පදවියත් ලැබුවා. කියාගන්න බැරිතරම් සතුටක් දැනෙනවා.

ඔබ මවක් වුණා කියලා සමීපතමයින් පවා දන්නේ නැහැ?
ඔව්.මම දරුවා ලැබෙන්න ඉද්දි ෆොටෝ ෂූට් එකක් කළා. හරියටම සති එකහාමාරක් විතර ඇති.මම ඒවා ෆේස් බුක් දාලා.ඊට ටික දවසකට පස්සේ තමයි මට දරුවා ලැබුණේ.තවම බොහෝ දෙනා මට කතා කරන්නේ ඒ මයින්ඩ් එකෙන්. කවදද ඩිලිවරි එක කියලා අහලා සුබ පතනවා. එතකොට තමයි මම කියන්නේ මම මවක් වුණා කියලා.

තාරුකාට ලැබුණේ දුවෙක්ද පුතෙක්ද?
පුතෙක්. මම අසාවෙන් හිටියේ දුවෙකුට.ඒත් පුතෙක් කියලා දැන ගත්‍තාම වාව් කියලා කියවුණා.දින ගණන් කරකර හිටියේ පුතාගේ මූණ දකිනකම්. ඒ අවස්ථාව මට හිතුවට වඩා ඉක්මනට උදා වුණා.

මවක් වන්නට සූදානම් වන කාලේ වසංගතයකුත් ආවා නේද?
කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනකොට බොහොම පරිස්සම් වෙනවා. මමත් එහෙමයි.මේ වසංගත තත්ත්වය නිසා අපිට කොහෙටවත් යන්න බැරි වුණානේ.ඒක නිකම් වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා.මම කළේ ගෙදරට වෙලා කෑම කමින් කාලය ගතකරපු එක.මම හරියට මහත් වුණත් එක්ක. ඔය කාලේ හරියට ආස වුණේ පැණිරස ආහාර කන්න.අම්මා මදි නොකියන්න ඒවා හදලා දුන්නා.

තාරුකා ඉදිරියේදී රංගනය සීමා කරාවිද?
කවදාවත් මට එහෙම හිතිලා නැහැ.හස්බන්ඩ්වත් එහෙම සීමා මායිම් දාලා නැහැ. දරුවා වෙනුවෙන් කොහොමත් කාලය කැප කරනවා.නමුත් මට පුළුවන් කියලා හිතුණාම ආයෙත් රංගනයට එනවා. වසර දහයක් මම රඟපෑවා.මතක හිටින චරිත කළා. ඉදිරියේදිත් මම මගේ වෘත්තීය ජීවිතය පවත්වාගෙන යනවා.

ප්‍රසාද් සමරතුංග
සරසවිය





Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,062 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,068 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top