72වන උපන්දිනය සමරන ආනෝල්ඩ් -[Photos]
Thursday, 30 July 2020 - 12:21 | Views - 471
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආනෝල්ඩ් ස්වාසනගර් අද (30) සිය 72 වැනි උපන් දිනය සමරයි.

ආනෝල්ඞ් උපතින් ඔස්ට‍්‍රියානුවෙකි. ආනෝල්ඞ් උපත ලැබුවේ ඔස්ට්‍රියා තාල් පළාතේය. කුඩා කළ සිට කැපවීමෙන් කාය වර්ධනයට ආසා කළ ආනෝල්ඞ් අයෝමය පුරුෂයකු ලෙස අවුරුදු 20 දී, විශ්වයේ ලාබාලතම කායවර්ධන ශූරයා විය. අවස්ථා 7 කදී ම ‘මිස්ටර් ඔපිම්පියා’ කායවර්ධන ශූරයා බවට පත් විය.

ආනෝල්ඩ්ගේ අයෝමය සිරුර හොලිවුඩයට මඟ හැදුවේය.
ආනෝල්ඩ්ගේ පළමු චිත්‍රපටය ‘හර්කියුලීස් ඉන් නිව්යෝක්’ චිත්‍රපටයයි. හර්කියුලීස් ලෙස  චිත්‍රපටයේ කළ රංගනයෙන් ආනෝල්ඞ් ජනප්‍රිය වූ පසු, ‘ප්‍රෙඬේටර්’, ‘රෙඞ් හීට්’, ‘කොනන් ද බාබේරියන්’, ‘රනින් මෑන්’, ‘කොමාන්ඩෝ’, ‘ටෲ ලයිස්’, ‘ටර්මිනේටර්’ ‘ඉරේසර්’, ‘ජිංගල් ඕල් ද වේ, ‘කොලෙටරල් ඩැමේජ්’, ‘රෝ ඩීල්’ ඇතුළු සදා මතකයේ රැඳුණු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත නිරූපණය කළේය.

නළුවකු, ව්‍යාපාරිකයකු පමණක් නොව, කාලයක් රංගනයට සමු දී ආනෝල්ඩ් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය. ඒ, 2003 සිට 2011 දක්වාය.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී ආනෝල්ඞ් දැන් යළි රංගනයට පිවිස සිටී. ඒ, 2013 වසරේ තිරගතවුණු ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්’ චිත්‍රපටය හරහාය. සම්මානනීය කළුවකු ද වන ආනෝල්ඩ් රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණන 45 ඉක්මවයි.


Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,063 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,069 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top