පිළිකාව හා සටන් වැදුනු 90 දශකයේ සුරූපිනිය, මනීශා කොයිරාළගේ නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය සංවේදී කරයි
Tuesday, 28 July 2020 - 15:26 | Views - 108,561
ඇය නමින් මනීශා කොයිරාළ... නේපාලයෙන් බිහිවී 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනීය..
 
ඇය කොතරම් අපූරු සුන්දර යුවතියක්ද? ඇගේ ඉපැරණි ඡායාරූප බෙදා හදාගන්න පිරිස් තවමත් ඒ රූප සම්පත්තිය ගැන උදම් අනනවා නිසැකයෙන්ම..

එහෙත් අවසානාවක මහත... හිත්පිත් නැති පිළිකාවක් ඈව අඩපණ කරනවා හිටි හැටියෙම.. ඇය ඒ නරුම පිළිකාව එක්ක සටන් වදිනවා වසර ගණනක් තිස්සේ.. පසුව ඇය ප්‍රකාශ කරනවා, මුළු ලෝකෙටම ඇය ඒ සටන ජයගත්තු බව. ඇය උපකාර කරනවා, තවත් අයවුන්ට ඒ හා සටන් වදින...
 
නිරන්තරයෙන්ම මේ සටන පිටුපස ඇගේ ප්‍රේක්ෂකයින් හිටියා. ඈව තදින් වැළඳගත්තූ සමීපතමයින් හිටියා.........
 
දැන් දැන් මනීෂා ඉන්ස්ටග්‍රෑම් තුළ සිත් ඇඳගන්නා සුළු දේ පළ කරන කෙනෙක් හැටියට ඇගේ ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධයි..
 
දැනට 49 හැවිරිදි වියේ පසුවන මේ සුන්දරිය, රූපයෙන් කොතරම් වෙනස් ස්වරූපයක් ගත්තත් ජීවිතේ ගැන ඇය අපට උගන්වන පාඩම නම් අගනා එකක්..
 
"වනාන්තරය සුන්දරයි සේම ගැඹුරුයි.. එහෙත් මට තබා ගැනීමට පොරොන්දු ඇත. මම නිදාගැනීමට පෙර සැතපුම් ගණනක් ඇවිද යා යුතුයි.."
 
මනීෂා වනාන්තරයක් හරහා ඇවිද යන ඡායාරූප පෙළක් ගැන එසේ සඳහනක් කර තිබුණා.
 
ඇය එහි කැප්ෂනය ලෙස යොදා තිබුනේ, "ශක්තිය නැවත ලබා ගැනීම" ලෙසයි. (නැවත උප්පත්තිය වගේ අර්ථයක් වෙන්න පුළුවන්.)
 
NDTV ඇසුරිනි...

Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
සාරන්‍යා දෝණි කියන්නේම දඟ මල්ලක්..මෙන්න දැන් එයා අලුත් වැඩක් පටන්ගෙන.. දැන්...
Hiru Tv Blog
ඇය රටක් ආදරය කරන රංගන ශිල්පිනියක්..ශෙරිල් ඩෙකර් කියන්නේ කොහොමත් සුරූපි බව අඩු...
Hiru Tv Blog
නිල්මිණී තෙන්නකෝන් කියන්නේ, මුලු රටක්ම ආදරය කරන රංගන ශිල්පිනියක්.නිරන්තරයෙන්ම...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 633 Views
Top