නීරෝගී බව රැකගන්න දිය නෑමේ පිළිවෙත්
Tuesday, 21 July 2020 - 12:07 | Views - 5,454
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි ගෙවීමටය. එසේ උත්සාහා කිරීමේදී අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. ආහාර පාන, ඖෂධ මෙන්ම සනීපාරක්ෂාවද නීරෝගී දිවිපෙවෙතක් ගත කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව වටහා ගත යුතුය. ආහාර සහ ඖෂධ සම්බන්ධව අප නිතර කතා බහ කළද සනීපාරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකරන්නේ නැත. සනීපාරක්ෂාවේදී ද ඇති ප‍්‍රධාන කටයුත්තක් වනුයේ ස්නානයයි. මෙය රෝගවලින් ආරක්ෂාවට මෙන්ම රෝග ඇති කිරීමටද බලපාන කටයුත්තකි. එබැවින් ස්නානය මගින් සිරුරේ නීරෝගී බව රැුක ගන්නේ කෙසේදැයි කියා අවධානය යොමු කරමු.
 
 * වෛද්‍යතුමනි ස්නානය අපගේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කුමන ආකාරයෙන්ද?
 
 ස්නානය එහෙමත් නැතිනම් දිය නෑම පිළිබඳව මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් බොහෝ කරුණු කාරණා සඳහන් කර තිබෙනවා.
 
 සකල සත්ත්ව මනුස්සයා නීරෝගි සම්පන්න භාගා, රූප සෝභා සම්පන්න භාගා ස්නානං සහේතුකං ලෙස සඳහන් කර තිබෙනවා. ඒ අනුව දිය නෑම මගින් නීරෝගී බව රැුක දෙනවා සේම සිරුරේ සෝභා සම්පන්න බවද වැඩිකරන බව පවසා තිබෙනවා.
 
 දිය නෑම යනු වර්තමානයේ අප බොහෝ දෙනා සිදුකරන නළ ජලය එහෙමත් නැතිනම් ටැප් වතුරින් විනාඩි කිහිපයක් නා ගැනීම නොවෙයි. මෙය දිය නෑමක් නොව ජලයෙන් ඇ`ග පිරිසිදු කර ගැනීමක් පමණයි.
 
 නිවැරදි දිය නෑම යනු ඇළේ, දොළේ, ගෙඟ්, විලේ, පොකුණේ, පොක්කනියේ සහ කඩිත්තේ දිය නෑමය. මෙහි ඇති ජලය ගලා යන පිරිසිදු ජලයයි. මෙම ජලයෙහි ගිලෙමින් පැය භාගයක් පමණ හොඳින් දිය නෑම මගින් සිරුරට සුවයක් ඇතිවේ.
 
 නමුත් වර්තමානයේ බොහෝ දෙනාට ගලා යන ජලයෙහි දිය නෑමට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙනි. එනිසා එවැනි අය නළ ජලයෙන් දිය නෑමේදී විනාඩි දහයක්වත් එක දිගට දිය නෑම කළ හැකියි.
 
 දිය නෑම නිසා සිරුර සිසිල් වේ. සම පිරිසිදු වේ. හොඳින් රුධිරය ගමනාගමනය සිදුවේ. එවිට පෙනහලූ සහ හෘදය හොදින් ක‍්‍රියාත්මක වීම නිසා සිරුරේ පැවති අලස බව නැති වේ. සම පිරිසිදුවීම නිසා විෂබීජ සිරුරට ඇතුළුවීම වළකාලයි. සමේ පැහැපත් බව ඇති කරයි.
 
 * වෛද්‍යතුමනි දිනපතා ස්නානය සුදුසුද?
 
 දිය නෑමත් නිවැරදි පිළිවෙළට සිදුකළ යුතුයි. දිනපතා දිය නෑමත් ගුණදායක නැහැ. සතියකට දින පහක් පමණ දිය නෑම සුදුසුයි. එය කළ යුත්තේ උදෑසන 5.30 ත් දහවල් 12.30 ත් අතර කාලයේදීය. නමුත් ඇතැම් දෙනා රාත‍්‍රියට සහ සවස් කාලයට දිය නානු අප දැක තිබෙනවා. මෙය නිතර සිදුකිරීමෙන් පසුකාලයේදී ශ්වසන ආබාධ හට
 
 ගැනීම, පීනස ඇතිවීම සහ සෙම් රෝග ඇතිවීම සඳහා බලපානවා. අඟහරුවාදා සහ සිකුරාදා දිය නෑම සම්බන්ධව ද බොහෝ දෙනා විමසා සිටිනවා. එදා මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් අඟහරුවාදා සහ සිකුරාදා දිය නෑම අගුණයි කියා පැවසුවේ නැහැ. එම දින දෙක ආගමික වතාවත්වල යෙදෙමින් දවස ගෙවන ලෙස පවසා තිබෙනවා. දවස් හතම දිය නාන්න හොඳ නැති නිසා විවේකීව ගත කිරීමට මෙම දින දෙක වෙන්කර තිබෙනවා. කුඩා දරුවන් නැහැවීමේදී ඉරිදා, සදුදා, බදාදා සහ බ‍්‍රහස්පතින්දා ඉතා ගුණදායකයි. වයසක පුද්ගලයන් දිය නෑමේදී පෙරවරු 10.00 ත් 12.30 ත් අතර කාල වේලාව වෙන්කර ගැනීම සුදුසුයි.
 
 * වෛද්‍යතුමනි ස්නානයේදී සබන් ගැල්වීම කළ යුත්තේ කෙසේද?
 
 අද බොහෝ දෙනා දිය නෑමේදී වැඩිපුර සිදුකරන්නේ සබන් ගැල්වීමයි. මෙය සමට ගුණදායක නැහැ. නිතර සබන් ගැල්වීම මගින් මතුපිට සමෙහි ඇති ආරක්ෂක ආවරණය හානියට ලක්වෙනවා. එසේ වීමෙන් ඉතා පහසුවෙන් සිරුරට විෂබීජ ඇතුළු වීමට ඇති ඉඩකඩ සකස් වෙනවා. දිය නෑමේදී සබන් ගැල්වීමේ නිවැරදි පිළිවෙත වන්නේ සමට හිතකර සැර අඩු සබන් වර්ගයක් ගෙන එය සමෙහි ගල්වා පිරිමැදීම පමණයි. මිනිසුන්ගේ සමෙහි ඇති රෝම කූප ඉතා සියුම්ය. එනිසා සම මත කුණු රැුඳී පවතින්නේ නැහැ. අලි සහ මීහරක් වැනි සතුන්ගේ සමෙහි ඇති රෝම කූප ඉතා ඝනකම් නිසා එවැනි සතුන්ගේ සම මත ඇති කුණු ඉවත් කිරීමට සම තදින් ඇතිල්ලිය යුතුයි. නමුත් මිනිස් සම කොහු ලණු හෝ වැටකොළු කෙඳිවලින් ඇතිල්ලීම හෝ විවිධ ගල් වර්ග වලින් ඇතිල්ලීම නොකළ යුතුයි. මෙය සමට අහිතකරයි. බොහෝ කාන්තාවන් සම පැහැපත් කර ගැනීමට යැයි සිතා මෙම වරද සිදුකරනවා. මින් සම තුවාල වී විෂබීජ ආසාදනයට ලක්වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම මෝඩ ක‍්‍රියාවකි.
 
 * වෛද්‍යතුමනි උණු ජලයෙන් ස්නානය සිරුරට හිතකරද?
 
 දිය නෑමෙන් නීරෝගී බව ඇති කරගත හැක්කේ ඇල් ජලය නෑමෙන් පමණයි. නමුත් කිසියම් අසනීපයකින් පෙළෙන කෙනෙක් උණු ජලය නෑම වරදක් නැහැ. එම ජලයත් මද රස්නය විය යුතුයි. උණු ජලය නෑමෙන් පසු ඉතා ඉක්මනින් සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙනවා. එනිසා උණු ජලය දිය නෑම දහවල් 12 ට පෙර කළ යුතුයි. නිතර නිතර උණු ජලය නෑමෙන් සමෙහි පැහැපත් බවත් වෙනස් වෙනවා.
 
 දිය නෑමේදී සිරුරට වැඩි ගුණයක් ලබා ගැනීමට ඇල් ජලය පිරවූ කලයකට රාත‍්‍රියට කොහොඹ කොළ, කහ, කෝමාරිකා ආදිය මිශ‍්‍රකර තබා උදෑසන දිය නෑමේදී මෙම ඖෂධීය ජලය මිශ‍්‍ර කරමින් දිය නෑම කළ හැකියි. මෙලෙස සතියකට දින තුනක් පමණ ඇල් ජලය නෑමෙන් සම පැහැපත් වෙනවා.
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 599 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 158 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 174 Views
Top