'අම්මෝ, මට එහෙම අවස්ථා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා, මට අසීමාන්තික ආදරයක් ලැබුණා..' - සෙනාලි ෆොන්සේකා
සෙනාලි ෆොන්සේකා කියන්නේ මේ කාලේ අතිශයින්ම ජනප්‍රිය නිළියක්. සිනමාවෙන් රංගනයට ප්‍රවිෂ්ඨය ලබාගෙන බොහෝ දෙනාගේ ආදරේ ලබන නිලියක් බවට ඇය පත්ව සිටිනවා. ඇය අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ කතාබහ ගැනයි.
මේ දවස්වල සෙනාලිව වැඩිපුරම දකින්න ලැබෙන්නේ පාරවල්වල, එහෙම නැත්නම් මල්වතු, කඳු මුදුන්වගේ ස්ථානවලයි කියලා බොහෝ දෙනා කියනවා. ඇත්තටම සෙනාලි මේ විදියට ලංකාව වටේ රවුම් ගහන්නේ ඇයි ?
ඔව්. මේ දවස්වල මම ලංකාව වටේම රවුම් ගහනවා. මම වැඩිපුර හිටියේ එංගලන්තේ නිසා ලංකාවේ සුන්දර තැන් තවම මට හරියට දැකගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ඒ වගේම මේ දවස්වල තාත්තත් ලංකාවට ඇවිල්ලයි ඉන්නේ. ඒ නිසා මම දැන් පවුලේ අයත් එක්ක රට තොටේ සුන්දරත්වය අත්විඳිමින් ඉන්නවා.
රටේ සුන්දරත්වය විඳින අතරතුරේ රසික ප්‍රතිචාරත් සෑහෙන්න ලැබෙනවා ඇති නේද?
ඔව්, ගම්වල මිනිස්සු හරිම ලෙන්ගතුයි. සමහරු ආ මේ සිරිපැරකුම් චිත්‍රපටයේ නිළියනේ කියලා මාව වට කරගන්නවා. තවත් සමහරු කොහොමද ඉතිං” කියලා මගේ ළඟට ඇවිත් සුහදව කතා බහ කරනවා.
එතකොට සෙනාලිට ලංකාවේ වටේ මේ තරම් යන්න කාලයක් ලැබිලා තියෙන්නේ දැන් නිර්මාණවලට දායක වෙන එක සීමා කරගෙන නිසාද?
මගේ රංගන ජීවිතයට මම ලොකු සීමා මායිම් දාගෙන නැහැ. ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලටත් මට ආරාධනා ලැබුණා. මම හැමවිටම භාර ගන්නේ ගුණාත්මක නිර්මාණ පමණයි. ඇත්තටම ටෙලි නාට්‍යවලටත් වඩා මට ලොකු ඉඩක් තියෙන්නේ චිත්රපටවලටයි. මොකද මගේ කලාව පටන් ගන්නේ සිනමාවෙන්. ඉතින් එදා වගේම අදත් බොහෝ දෙනා මාව හඳුන්වන්නේ චිත්‍රපට නිළියක් විදියට. දිග කොටස් තිබෙන ටෙලි නාට්‍ය කරන්න මට වෙලාවක් නැහැ. මොකද මං ඉන්නේ රටවල් දෙකකනේ. චිත්‍රපටවලට මූලිකත්වය දීලා හොඳ ටෙලි නිර්මාණයක් ලැබුණොත් විතරක් කරනවා. හැබැයි “පාද යාත්‍රා” චිත්‍රපටයෙන් ළඟදීම මාව දකින්න ලැබේවි.
ඔබ දැන් ජීව විද්‍යා වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්. ඒ සුදුසුකම් එක්ක සෙනාලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මට විද්‍යාඥවරියක් වෙන්න පුළුවන්. නමුත් මට හිතුණා මම කලාව වෙනුවෙන් වෙන් කළ කාලය මදි කියලා. ඒ නිසා මම වැඩිපුර කලා වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද මට ලංකාවට යමක් කරන්න ආසයි. ඒ වගේම මගේ වැඩිදුර අධ්‍යාපන වැඩකටයුතුත් කරගෙන විද්‍යාඥවරියගේ හීනය කරා යන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී අධ්‍යාපනයද කලාවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න අවස්ථාවක් ආවොත් ?
අම්මෝ, මට එහෙම අවස්ථා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මගේ දෙමව්පියෝ කලා පවුල්වලට සම්බන්ධ වුණාට එයාලගේ කැමැත්ත තියෙන්නේ මං ඉගෙන ගන්නවටයි. ඇත්තටම “සිරි පැරකුම්” චිත්‍රපටයෙන් මට අසීමාන්තික ආදරයක් ලැබුණා. ඊට පස්සේ මට රංගනයට තාවකාලිකව සමුදෙන්න සිද්ධ වුණා. මොකද මගේ උපාධිය වෙනුවෙන් කලාව කැප කළා. ඒ වෙලාවේ කලාව වෙනුවට මම තෝර ගත්තේ ඉගෙනීමයි. ඒත් ඉගෙනීම වගේම කලාවත් මම කවදාවත් අතහරින්නේ නැහැ.
තවම සෙනාලි විවාහය ගැන හිතලා නැද්ද?
මගේ ජීවිතේ හැමදේම සිද්ධ වුණේ සාමාන්‍යයෙන් හරි වේලාවට. ඉතිං ඒ නිසා මං හිතනවා මගේ විවාහයත් හරි වේලාවට සිද්ධ වෙයි කියලා. අර කතාවට කියනවානේ. “බඹා කොටලා ඉන්න කෙනාත් එක්කම විවාහය සිද්ධ වෙයි කියලා”.මම ආදරේට ආදරේ කරන කෙනෙක්. දෙමව්පියෝ, යහළුවෝ ඒ වගේ මට දක්වන ආදරේට මං ආදරේ කරනවා. ඒත් අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම විශේෂ කෙනෙක් අවශ්‍යයි. ඒ විශේෂ කෙනත් එක්ක කවදාහරි මට විවාහ වෙන්න ලැබුණොත් ඒක මට ලොකු සතුටක්. කවදාහරි දවසක මටත් ඒ සතුට ලැබෙයි කියලා හිතෙනවා. උස වෙන්න ඕනේ, සුදු වෙන්න ඕනේ වගේ සුදුසුකම් ලිස්ට් එකක් බලලා මං කෙනෙක්ව තෝර ගන්නේ නැහැ. ඒත් මට ඔහු හිතට වදින කෙනෙක් වෙන්නම ඕනේ.