‘‘නිරුවත් චරිතවලට මම පෙනී සිටින්නෙ නැහැ,මට ඒ දේවල් ගැලපෙන්නෙ නැහැ‘‘ - ධනංජි තාරුකා
Sunday, 22 April 2018 - 15:54 | Views - 6,963
ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයේ ඉන්න දගකාර පෙම්වතියක් කිව්වොත් හරි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ව ආමන්ත්‍රණය කර ධනංජි කලා දිවයේ අලුත් තොරතුරු කිහිපයක් ගැන පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා. මේ ඒ ගැනයි.

ධනංජි කියන්නේ හැමදාම වැඩ එක්‌ක ඉන්න නිළියක්‌ ?
 
මම ක්‌ෂේත්‍රයට එන්නේ මෝස්‌තර නිරූපණයෙන්. ඊට පස්‌සෙ වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා. ඒ හරහා තමයි ටෙළි නාට්‍ය කලාව ජීවිතයට තෝරගන්නේ. මට මේ කාලය පුරාම වැඩ අඩු වැඩි කාල කියල නැහැ. ගතවුණ අවුරුදු හත පුරාම මට විවිධ චරිත ලැබුණා. කලා ශිල්පිණියක්‌ විදිහට වගේම ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වෙන්න මට අවස්‌ථාව හිමිවෙලා තියෙනව.
 
මෙවැනි සුවිශේෂ පසුබිමක්‌ ඔබ වටා ඇතිවන්නෙ කොහොමද ?
 
මගේ දක්‌ෂතාව වගේම මම හරිම සරලයි. හැමෝම එක්‌කම හරිම සුහදශීලියි. ඒ හැරුණම මම කරපු චරිත ගත්තම මිනිස්‌සු හරිම කැමතියි කටකාර දඟකාර චරිතවලට. මේ සුහදතාව නිසා මිනිස්‌සු ඉක්‌මනින් මාව වැළඳගත්තා.
 
ධනංජි පෞද්ගලික දිවියේ කටකාර දඟකාරියක්‌ද?
 
පුද්ගලික දිවියේ මම හරිම සංවේදී කෙනෙක්‌. යාළුවෙක්‌ වුණත් මා සමඟ කතා නොකර හිටියම මට දුකක්‌ දැනෙනව. මතුපිටින් දඟකාර විදිහට පෙනුනට මම සංවේදී කෙනෙක්‌. හැබැයි සමහර වෙලාවට දඟකාරී ගතිගුණත් නැතිවා නෙවෙයි.
 
ධනංජිට රංගනයේදී සීමාවන් තියෙනවද?
 
සීමා කියන්නෙ, නිරුවත් චරිතවලට මම පෙනී සිටින්නෙ නැහැ. මගේ වයස හා පවුල් පසුබිම එක්‌ක මට ඒ දේවල් ගැලපෙන්නෙ නැහැ. ඒ හැරණම මට ගැලපෙන චරිත ලැබුණම ඒවා තෝරාගෙන කරනව.
 
ධනංජිගේ රංගන දිවියේ ඉදිරි සැලසුම් මොනවද?
 
පුළුවන් හැම වෙලාවෙම රංගනයේ යෙදෙන්න කැමති කෙනෙක්‌ මම. සම්පූර්ණ කාලයම රංගනයට යොමු කරන්නයි මම කැමැති. සමහර විට විවාහයත් එක්‌ක රංගනයෙන් ඈත් වෙන්න වුණොත් මම ඉඩ ලැබෙන විදිහට රංගනයේ යෙදෙනවා.
 
ඒ කියන්නෙ ධනංජි දැන් විවාහය හා ඉන් ඉදිරිය ගැන තීරණය කරල ඉවරයි කියන එකද?
 
තවම විවාහය ගැන අදහසක්‌ නැහැ. මට තවම පෙම්වතෙක්‌ නැහැ...ආදරය කරන්න වෙලාවකුත් නැහැ. මේ කාර්ය බහුලත්වය නිසා. අපේ ගෙදරින් කියනව මම දැන් විවාහ වෙන්න ඕනි කියල. ඒත් ලොකු බල කිරීමක්‌ නැහැ. බලමු ඉදිරියෙදී. මම කොහොමටත් කැමති කලාව තුළ තවදුරටත් ඉදිරි ගමනක්‌ යන්නයි.
 
ධනංජි ඇයි ඔබලාගේ පරපුර මාධ්‍ය මඟහැර සිටින්න උත්සාහ කරන්නේ?
 
සමහර විට කටකතා නිසයි එහෙම හිතනව ඇත්තේ. නමුත් කලාකාරයො කියන අයට මිනිස්‌සු හරි ආදරෙයි. ඔවුන් ජනප්‍රිය වුණාම ජනතාවට අයිති මිනිසුන් කොටසක්‌ බවට පත් වෙනවා. ඒ ආදරය නිසාම ජනප්‍රිය කෙනකුගේ ගති ලක්‌ෂණ අනුකරණය කරන්න ගොඩක්‌ අය කැමතියි. ඒ නිසා අපි හරි ආදර්ශවත්ව ජීවත් වුණොත් ගොඩක්‌ දේවල් අපිට වෙනස්‌ කරන්න පුළුවන්.
 
ධනංජි කටකතාවලට බයේ ජීවත්වෙන නිළියක්‌ නෙවෙයිද?
 
 එහෙම කටකතාවලට බයේ ජීවත්වෙනව කියන්නේ නැහැ. දැන් ඒක හරිම සාමාන්‍ය දෙයක්‌ වෙලා. ඉස්‌සර නම් ඒ දෙවල් දැනුනෙ ලොකු දෙයක්‌ විදිහට. නමුත් දැන්නම් ඒක ඒතරම් දැනෙන්නෙ නැහැ. අනිත් කාරණය මම හරිම කාර්ය බහුල නිසා සෝෂල් මීඩියා පරිහරණය කරන්න වෙලාවක්‌ නැහැ.
 
ධනංජිගේ රංගනයේ අපේක්‌ෂාවන් මොනවද?
 
මම කැමැත්තෙන් හිටිය ගොලු චරිතයක්‌ රඟපාන්න. මට ඒකට අවස්‌ථාවක්‌ ලැබණා. ඒක මම බලාපොරොත්තු වූ දෙයක්‌ ඉටුවීමක්‌. අකිල සදකැළුම් අධ්‍යක්‌ෂණය කරන අම්මා චිත්‍රපටයේයි මට ගොලු වෙන්න අවස්‌ථාව ලැබිලා තියෙන්නේ. මම හිතනව ඉදිරියේදී මට ඒ චරිතය සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියල.
 
ධනංජි නිතරම රූපගත කිරීම්වලට යන්නෙ අම්මා එක්‌කලු නේද?
 
මම රූගත කිරීම්වල ඉද්දී මගේ දුරකථනයට පිළිතුරු දෙන්නෙ අම්මා. හැමෝම කියන්නෙ මගේ මැනේජර් කියල. මම පොඩිකාලෙ ඉඳන් හැදුනෙ අම්මත් එක්‌ක. අනික මම ගෙදරින් එළියට ආවොත් අම්මට තනියම ඉන්න වෙනවනෙ. මේ වෙහෙසත් එක්‌ක මට හරියට නිදිමත එනවා. ඉතින් අම්ම මා ළඟ ඉන්න එක මට ලොකු පහසුවක්‌ ඒ නිසා මගේ හැම වැඩකදී අම්ම මාත් එක්‌ක යන්න ඉන්නව. මම හිතනව ඒක මට වගේම අම්මටත් හොඳක්‌ කියල.
 
සටහන - ධම්මිකා සුරංජි පතිරණ


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 645 Views
Top