නර්තන ගුරුවරියක් ලෙස රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුව- තැනට සුදුසු අයුරින් මට අම්මා තමයි ඇඳුම් පවා තෝරලා දෙන්නේ
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?
මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරලා දැන් එයින් ඉවත් වෙලා ඉන්නේ. නැටුම් විෂය තමා උපාධිය ලෙස කළේ.
උපාධිධාරිනියක් වූ ඔබට දැන් රැකියාවක් ලැබිලද?
තවම නැහැ. නැටුම් ගුරුවරියක් ලෙස පත්වීමක් ලබා ගෙන සේවය කරන්න අපේක්ෂාවෙන් ඉන්නේ.
ලබාගත් උපාධිය ලැබුණු අත්දැකිම් එකතු කරගෙන යමක් කරන්න අදහසක් නැද්ද?
එයින් ලබා ගත් දේවලුත් එක්ක මේ වන විට මම නර්තන පාසලක් පවත්වාගෙන යනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ තමයි ඒක තියෙන්නේ. දැන් මාස 2 - 3 ක් වෙනවා ඒකේ වැඩ කටයුතු ආරම්භ කරලා.
ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?
ටෙලි නාට්‍ය පනහක් විතර රඟපාලා තියෙනවා. ඉස්සරහට 4ක් විතර විකාශනය වීමට නියමියි. චිත්‍රපට පැත්තෙනුත් කිහිපයකටම රංගනයෙන් දායක වුණා.
එතකොට වේදිකාව පැත්තෙන්?
සතුටු සිතක් කියලා මේ දවස්වල වේදිකා නාට්‍යකට දායක වෙනවා. මාර්තු 08 වැනිදා ආවේ මරියා කියන පාසලේදි එකේ දර්ශන වාර කිහිපයක්ම පැවැත්වුණා. ඊට අමතර මාගේ නර්තන කණ්ඩායමේ කටයුතුත් එක්ක ප්‍රසංග. වලටත් දායක වෙනවා.
ඔබේ නර්තන කණ්ඩායම ගැනත් කියමු.
මගේම කියලා නර්ථන කණ්ඩායමක් හදාගෙන දැන් අවුරුදු එක හමාරක ඉදලා වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රසංග වේදිකාව, මංගල අවස්ථාවන් ඇතුළු විවිධ උත්සව අවස්ථාවන්වලටද අපි නර්ථන කණ්ඩායම දායක වෙනවා.
ඔබේ උපාධියට අනුව රජයේ රැකියාවක් ලැබුණොත් ඒකත් භාර ගන්නවා ද?
අනිවාර්යයෙන්ම නර්තන ගුරුවරියක් ලෙස රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුව. ඒත් එක්කම හොද නිර්මාණවලට රංගන කටයුතුවලින් දායකවෙනවා. නර්තන කණ්ඩායමේ කටයුතුත් නර්තන පාසලේ කටයුතුත් යන හැමදේම කාලය වෙන්කරගෙන සමබරව කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ.
කොහොමද ගෙදර අයගෙන් ඔබට ලැබෙන සහයෝගය ?
තාත්තා, අම්මා, මල්ලි හොද සහයෝගයක් ලබා දෙනවා. මේ වනවිට මල්ලි පාසල් ගිහින් ඉවරයි.එයා මගෙත් එක්ක හැමදේටම යනවා එනවා. තැනට සුදුසු අයුරින් මට අම්මා තමයි ඇඳුම් පවා තෝරලා දෙන්නේ.
දැන් කලවයසත් හරි නේද කෙනෙක් හොයාගෙනද ඉන්නේ?. තවම කසාද බඳින්න අදහසක් නැද්ද?
තවම එහෙම අදහසක් නෑ.සුදුසු කෙනෙක් තවම ලැබිලත් නැහැ.ඉස්සරහට බලමු.
මේ දක්වා කලා කටයුතුවලදී ඔබට සම්මාන ලැබිලා තියෙනවාද?
රංගනය වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට එක් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.
විශ්ව විද්‍යල අධ්‍යාපනට අමතරව ඔබ නර්තනය හා රංගනය පිළිබදව හැදෑරීමක් කලාද?
ඔව් මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පුහුණු පාඨමාලාවන් හැදෑරුවා. ඒ වගේම දුරුතු සිනමා පාසලෙනුත් රංගනය පිළිබදව හැදෑරීමක් හා ප්‍රායෝගික පුහුණුවක් ද ලැබුවා.
හේමන්ත බණ්ඩාර ශාන් රූපස්සර