හරි වෙලාවට හරි තීරණ අරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මම හරි සතුටින් ඉන්නවා
Wednesday, 08 July 2020 - 15:34 | Views - 936
ශ‍්‍රීමාලිගේ ව්‍යාපාර කටයුතු වලට මොකද වෙන්නේ?
 
 ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. පොඩි නෙමෙයි ලොකු පසුබෑමක් තිබුණා. ඒක මට විතරක් නෙමෙයි හැමෝටම බලපාපු කාරණයක්. ව්‍යාපාර අමුතුවෙන් මුල ඉඳන් ආරම්භ කරන්න සිද්ධ වෙලයි තියෙන්නේ.
 
 කොරෝනා වෛරසය නිසා සැලෝන් ආරම්භ කිරීමත් ප‍්‍රශ්නයක් නේද? ඒ ප‍්‍රශ්නය ඔයාට නැත්ද?
 
 නැහැ. මම සැලෝන් සම්බන්ධව නෙමෙයි කරන්නේ. ඩිසයින් තමයි කරන්නේ. ඒක නිසා ඒක මට ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් වෙඩින් කරන්නේ නැහැනේ.
 
ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?
 
 මම ආපු ගමන ගැන ඇත්තටම සතුටු වෙනවා. 2012 වර්ෂයේ මම මිස් ශ‍්‍රී ලංකා වුණාට පසුව බොහොම හෙමින් ගමනක් තමයි ආවේ.
 
 සිනමාවට ආරාධනා නැතිද?
 
 මම පසුගිය කාලයේ දායක වුණ (රෂ්) චිත‍්‍රපටය විකාශනය වුණා. මම ලංකාවේ හිටියේ නැහැ. ඇමරිකාවේ තමයි ජීවත් වුණේ. මේ කොරෝනා ප‍්‍රශ්නය හින්ද තමයි ඇත්තටම ලංකාවට ආවේ.
 
 කවදද ලංකාවට ආවේ?
 
 මම ආවේ පෙබරවාරි මාසයේ. ඇමරිකාවේ තමයි ජීවත් වුණේ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ආපහු ලංකාවට එනවා.
 
 ආපහු ඇමරිකාවට යන්න අදහසක් තියෙනවාද?
 
 අදහසක් තියෙනවා. නමුත් මේ ප‍්‍රශ්න නිසා මම අවුරුද්දක් විතර ලංකාවේ ඉඳීවි. ඒ අතර තමයි මම නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නෙ. ඉදිරියේදී බලමු.
 
 වෘත්තීය නිළියක් වෙන්න අදහසක් නැතිද?
 
 මම ඇත්තටම රඟපෑමට ආසයි. ගොඩක් ගරු කරනවා රඟපෑමට. නමුත් අතිශය කාර්යය බහුල වෙන්න අකැමැතියි. මම ව්‍යාපාර වලටත් කැමැතියි. ඒ නිසා රඟපෑම වෘත්තීය කරගන්න අමාරුයි. හැම දෙයක්ම සමබරව කරගෙන යන්නයි කැමැති.
 
 පුද්ගලික ජීවිතයේ ගත්තු තීරණ ගැන පසුතැවීම් තියෙනවාද?
 
 නැහැ. මම කලින් කිව්ව වගේ හරි වෙලාවට හරි තීරණ අරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මම හරි සතුටින් ඉන්නවා.
 
 දිනේෂ් විතාන

Image may contain: 1 person, sitting
Image may contain: 1 personImage may contain: 1 person, standingImage may contain: 1 person, standingImage may contain: 1 person, standing
Image may contain: 1 person, sitting and indoorImage may contain: 1 person, smiling, sittingImage may contain: 1 person, flower, plant and outdoorImage may contain: 1 person, sunglasses, plant, closeup, outdoor and nature
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top