කඩා වැටුණු පාකිස්ථානු ගුවන් යානයේ සිටි, සුරූපී නිරූපිකා සාරා ආබිඩ්ව සමාජ මාධ්‍යයේ පතුරු ගසයි
Wednesday, 27 May 2020 - 16:10 | Views - 1,509
පසුගිය සතියේ පාකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බවට අනුමාන කෙරුණ ඉහළ පෙළේ නිරූපිකාවක දුරාචාර ජීවිතයක් ගත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ඇයගේ ඇඳුම් සහ ජීවන රටාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් විශාල වශයෙන් පළ වීමත් සමග සාරා ආබිඩ් නමැති අදාළ නිරූපිකාවගේ සමාජ මාධ්‍ය වෙබ් පිටු අක්‍රිය කර ඇත.
 
ගුවන් යානයේ දත්ත වාර්තාව සහ ඇයගේ මිතුරියන් පවසන පරිදි 28 හැවිරිදි සාරා ආබිඩ් කරාචිහිදී කඩා වැටුණු පාකිස්තාන ගුවන් සේවයට අයත් යානයේ සිට ඇත.
 
මෙම ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් කවුරුන් ද යන්න නම් වශයෙන් ඉදිරිපත් කර නැතත් බලධාරීන් පැවසුවේ, පිරිමින් දෙදෙනෙකුගේ පමණක් දිවි බේරුණු බවය.
 
මූලික වාර්තා මගින් ඇයගේ ජීවිතය බේරුණු බව පැවසුණු අතර ඇය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට ඇයගේ සොහොයුරාට සිදුවූ බවට මාධ්‍ය වාර්තා පළ විය.
 
ඇයගේ ඉන්ටග්‍රෑම්, ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් අක්‍රියව පවතින අතර, ඒවා අදාළ ආයතන මගින් හෝ පවුලේ ඥාතීන් විසින් අක්‍රිය කරනු ලැබුවේ ද යන්න පැහැදිලි නැත.
 
ගතානුගතික පාකිස්තාන සමාජයේ කාන්තාවන් පසුගාමීව ක්‍රියාකිරීම අපේක්ෂා කරන අතර මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යවල 'සදාචාරත්මක පරීක්ෂාවන්ට' ලක්වේ.
 
පාකිස්තානයේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයක් සමග එක්ව කටයුතු කළ සාරා ආබිඩ්, මෙම වසරේ ජනවාරි මාසයේදී හම් ස්ටයිල් සම්මාන උළෙලේ (Hum Style Awards) හොඳ ම නිරූපිකාව ලෙස සම්මාන ලැබීය.
 
ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණකරුවෝ ඇයගේ වෘත්තීයභාවයට සහ නිරූපණ හැකියාවට ගෞරව දැක්වූහ. ඇය මෙම වසරේ අග භාගයේදී පළමු වරට රංගනයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් පසුවූවාය.
 
අනතුරට ලක්වූ ගුවන් යානයේ ඇය සිටි බවට ප්‍රවෘත්ති පළ වීමත් සමග, ආගමික රැඩිකල් මතධාරීහු ඇය ඉස්ලාම් ආගම කෙරෙහි දැක්වූ විශ්වාසය සහ ආගම ඇදහූ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට වූහ.
 
එසේ පළවූ බොහෝ අදහස් අතර සඳහන් වූයේ, ඇය ගත කළ ජීවිතය අනුව මරණින් පසු දඬුවම් ලැබෙනු ඇති බවය.
 
ඇය පෙනී සිටි ඡායාරූපවල ඇය සැරසී සිටි ඇදුම් පිළිබඳව අදහස් දක්වමින් ඇතැමුන් සඳහන් කර තිබුණේ, ඒවා ඇයගේ "පව්කාර" හැසිරීමට උදාහරණ බවය.
 
සදාචාරය හෝ ආගමික භක්තිය යන නාමයෙන් ප්‍රසිද්ධ කාන්තාවන්ට පාකිස්තානයේදී අන්තර්ජාලය හරහා අපයෝජන හා ස්ත්‍රී දූෂණ හෝ මරණ තර්ජන පවා එල්ල විය හැකිය.
 
ඇයගේ අභාවය "විලාසිතා කර්මාන්තයට ඛේදවාචකයක්" ලෙස හඳුන්වමින් සෙසු නිරූපිකාවෝ, නිර්මාණකරුවන් සහ නළු නිළියෝ ඇයට උපහාර පුදා තිබිණ.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම BBC සිංහල


Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,024 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,796 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,626 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ආලියා භාත් සහ රිතික් රෝෂන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ සඳහා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top