ලබන වසරේ ආක්ෂේගේ චිත්‍රපට තුනක් පෝලිමේ
Thursday, 14 May 2020 - 9:54 | Views - 1,424
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ගේ බොලිවුඩ් චිත්‍රපට තුනක් ලබන වසරේ ප්‍රදර්ශනය වීමට දැනටමත් දින නම් කර තිබේ.
ලබන වසරේ ආක්ෂේව සිනමා ප්‍රේක්ෂකයන්ට මුලින්ම දැක ගත හැකි වන්නේ ජනවරි 22 වැනිදා තිරගත වන ෆර්හාන් සම්ජි අධ්‍යක්ෂණය කරනු ලැබ ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටය තුළිනි.
ඉන් පසුව පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වන ‘අතරංගි රේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතර, අප්‍රේල් 02 වැනිදා රංජිත් තිවාරි අධ්‍යක්ෂණය කරනු ලැබු ‘බෙල් බොටම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. එහි ආක්ෂේ පළමු වතාවට වානි කපූර් සමගින් ප්‍රධාන චරිතයට එක් වෙයි.
Share This Article