ඉදිරි දින කිහිපය අසීරු කාලයක් වනු ඇති - කොරෝනා ගැන, බොලිවුඩ් සිනමාවේ නළු ශාරුක් ඛාන් තැබු සටහන
Saturday, 21 March 2020 - 9:51 | Views - 2,020
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම ලෝක ප්‍රකට නළුවෙකු වන ශාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම සිදු කළේ, සිය නිළ ට්විටර් ගිණුමෙහි විඩියෝ පටයක් ද එක් කරමින්.

රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි ඔහු එමඟින් ඉල්ලීමක් කර තිබුණේ.

අනවශ්‍ය ලෙස පොදු ප්‍රවාහනය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ශාරුක් ඛාන් පවසනවා.

ඉදිරි දින 10 - 15 ඉතා අසීරු කාලයක් වන බවයි එහිදී ඔහු කියා සිටියේ.

රජය සහ මහජනතාව එක්ව මෙම අර්බුදයට එරෙහිව සටන් කළ යුතු බව ද එම විඩියෝවේ සඳහන්.

කෙසේ වෙතත් අදාළ වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරනොගන්නා ලෙසයි ශාරුක් ඛාන් ඉල්ලීමක් කළේ.

වැරදි තොරතුරු අනුගමනය නොකිරීමටත්, රජය විසින් සිදු කරනු ලබන මඟපෙන්වීම් යටතේ කටයුතු කිරීමටත් වගබලා ගන්නා ලෙස ද ශාරුක් ඛාන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර ඉන්දියාව පුරාවට හෙට දිනයේ ජනතා ඇඳිරි නීතිය පැනවීමටයි එරට මධ්‍යම රජය තීරණය කර ඇත්තේ.

එමඟින් ස්වයං නිරෝධායනයක් අපේක්ෂා කරන බව ද රජය ප්‍රකාශ කරනවා.

මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 250 දෙනෙකු හමුවී ඇති අතර ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,051 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,166 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top