ඇත්තටම මම ඉන්ජෙක්ෂන් එකක් ගහන්නත් හරි බයයි- අපි මේ දේවල් කරන්නේ ආත්ම තෘප්තියට පමණයි
Friday, 17 January 2020 - 17:16 | Views - 5,822
‘ටැටූ’ එකක් අඳින්න හිතුවේ ඇයි?

ඇත්තටම, ලොකු අදහසක් තිබුණේ නැහැ මට ‘ටැටූ’ එකක් අඳින්න. ඒත්, මම ළඟදී කලාකාරිණියක් විදිහට සහභාගි වුණා ජනප්‍රිය ‘ටැටූ’ විලාසිතා නිර්මාණකරුවෙකු වන නිර්මාල්ගේ හික්කඩුවේ විවෘත කළ ඔහුගේ අලුත්ම ‘ටැටූ’ ස්ටුඩියෝ එකට. එහිදි තමයි හිතුණේ ‘ටැටූ’ එකක් අඳින්න ඕනා කියලා.

 බයක් එහෙම දැනුණේ නැද්ද?

ලොකු බයකින් හිටියේ. ඇත්තටම මම ඉන්ජෙක්ෂන් එකක් ගහන්නත් හරි බයයි. ඊටත් වඩා බයයි ලේ දකින්න. එහෙම වතාවරණයක් උඩ තමයි මම මේ ‘ටැටූ’ එක ඇන්දේ. අඳින කොට තමයි තේරුණේ මේක කියන තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා. නිකම් කුඹියෙක් කනවා වගේ රිදුමක් තමයි ‘ටැටූ’ එකක් අඳින කොට එන්නේ.

 දැනට ‘ටැටූ’ කියක් විතර ඇඳලා තියෙනවාද?

‘ටැටූ’ තුනක් ඇඳලා තියෙනවා. වම් අතේ මැණික් කටුවේ ‘ඕම්’ කියන වචනය කොටලා තියෙනවා. දකුණු අතේ ‘ත්‍රිශූලය’ ඇඳලා තියෙනවා. ඒ අතේම උඩ කොටසේ ‘හදගැස්ම’ ඇන්දා. මේ ‘ටැටූ’ තුනම මට ගොඩක් වැදගත්. ‘ඕම්’ කියන්නේ ලෝ ප්‍රකට විශ්ව ශක්තිය හඳුන්වන වචනයක්. ඊට සමගාමිව යන එකක් තමයි ‘ත්‍රිශූලය’ කියන්නේ. ‘හදගැස්ම’ මම ඇන්දේ ඒක මගේ ජීවිතයට ගොඩක් සමිප දෙයක් නිසා. මේ ‘ටැටූ’ තුනම ඇන්දේ නිර්මාල්ගේ ‘හික්කඩුවේ විවෘත වුණ ‘ටැටූ පැරඩයිස් ශ්‍රී ලංකා’ ස්ටුඩියෝ එකෙන්.

 ඇයි ඔබ නිර්මාල් වැන්නෙකු තෝරගත්තේ ‘ටැටූ’ එකක් අඳින්න?

ඔහු ලෝ ප්‍රකට ‘ටැටූ’ විලාසිතා නිර්මාණකරුවෙක්. බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී ලංකාවේ ජැකලින් ෆර්නැන්ඩෙස් පවා ‘ටැටූ’ ඇන්දේ නිර්මාල්ට කියලා. ඔහුව සොයාගෙන විදෙස් සංචාරකයෝ පවා එනවා. ඒ තරමට ඔහුගේ ‘ටැටූ’ විලාසිතා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයපුරා ජනප්‍රියයි. ඒ විශ්වාසය තම තමයි මම ඔහුගෙන් ‘ටැටූ’ විලාසිතාවක් කරන්න හේතු වුණේ.

පවුලේ අයගෙන් බලපෑමක් එල්ල වුණේ නැද්ද?

තාත්තා නම් ටිකක් බැන්නා. මොකද, තාත්තා එක්ක තමයි මම ලේ පරික්ෂාවක් වුණත් කරන්න යන්නේ. ඉතින් එහෙම කෙනෙක් වෙච්ච මම ‘ටැටූ’ එකක් අඳින්න තරම් ශක්තිමත් වුණේ කොහොමද කියලා ඔහුටත් පුදුම හිතුණා.

 ‘ටැටූ’ එකක් ඇන්දාම සමාජයේ තියෙන පිළිගැනිමේ අඩුවක් තියෙනවාද?

නැහැ. එහෙම අඩුවක් නැහැ. විවිධ අය විවිධ කෝණයකින් අපිව මනිනවා. ‘ටැටූ’ එකක් කළාම සමහර අය හිතන්නේ රස්තියාදු කාරයෝ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය කියලා. එහෙත්, ගොඩක් අය දන්නේ නැහැ මේක අද විලාසිතාවක්, කලාවක් කියලා.

අපි මේ දේවල් කරන්න ආත්ම තෘප්තියට පමණයි.
Image may contain: 1 person
Image may contain: 1 person, smiling
Image may contain: 1 person, outdoor
Image may contain: 1 person, standing
Image may contain: 1 person, smiling, standing
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,032 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top