ප්‍රේමයේ අවසානය හිමි වීම පමණක්ද - එමීලියා ක්ලාක්ගේ නවතම චිත්‍රපටිය කරළියට
Tuesday, 10 December 2019 - 16:03 | Views - 898
කේට් සහ ටොම් වටා Last Christmas  කතාව ගොඩ නැඟී තිබේ. කේට් යනු නත්තල් සමයේ කඩ සාප්පුවක සේවය කරන තරමක් දුප්පත් තරුණියකි. ඇගේ දෙමාපියන්ටත් හරිහමන් වත්කමක් නොමැත. ඔවුන් වැඩිපුර ආදරය කරන්නේද කේට්ගේ සොයුරිය වන මාර්තාට ය. ඇය සිය කඳුළු සඟවාගෙන නත්තල සතුටින් සමරන අයට බඩු විකුණන අතර ජීවත් වන්නට නිවසක්වත් ඇයට නොමැති ය. ඇය සමඟ කාමරයේ සිටි මිතුරියද ඇය එලවා දමා හමාරය. ඇයට ටොම්ව මුණගැසෙන්නේ මෙහි සේවය කරමින් සිටින අතරතුරදීය. ඇය ටොම්ට සිතින් ආදරය කළත් කලක් ඒ බව සඟවාගෙන සිටියි. තමාට සතුට රැගෙන ආ පුද්ගලයා ටොම් බව ඇය විටෙක සිතයි. විටෙක ටොම්ගෙන් තමා දුරස්ථ බව දැනුණත් ඇය ඒ සියල්ල එක සිතින් දරාගෙන ජීවිතයට මුහුණ දෙයි.

ඒ අතර ඇය හදවත් රෝගයකින්ද පෙළෙයි. ඇයට කිසිදු හව්හරණක් නැතිව යයි. මේ අතරතුරටොම් රිය අනතුරකට ලක්වෙයි. ඉතිං ටොම් ඇය හැර දමා යාවිද? ඔවුන්ගේ ආදර අන්දරයට එයින් පසු කුමක් වේවිද? හදවතින් හදවත ස්පර්ශ වූ මේ ආදර කතාවේත් අවසානය කඳුළ පමණක්ද? Last Christmas  මේ පැනයන්ට පිළිතුරු සෙවීමට නරඹන්නන්ට ආරාධනා කරයි. සීතල නත්තල් සමයේ ප්‍රේක්ෂක හදවත් උණුසුමින් යා කළ සොඳුරු ආදර කතාවක් ලෙස Last Christmas  හැඳීන්විය හැකිය.ප්‍රේමය සමඟ හාස්‍යයද මුසුකොට ඇති මේ සිනමා කතාව පසුගිය නොවැම්බර් 8 වැනිදා බ්‍රිතාන්‍යයේදීත්, නොවැම්බර් 15 වැනිදා ඇමරිකාවේදීත් සිනමා රසිකයන් අතට පත් වී තිබිණ. මේ චිත්‍රපටය හිමෙන් වැසී ගිය සුන්දර නත්තල තව තවත් හැඩ කරන්නට සමත් විණි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ පෝල් ෆේග් විසිනි.

නිෂ්පාදනය පෝල් ෆේග්,ජෙසී හෙන්ඩර්සන, ඩේවිඩ් ලිවිංස්ටෝනසමඟ එමා තොම්සන්ය.. චිත්‍රපට පිටපත එමා තොම්සන් සමඟ බ්‍රියෝනි කිමින්ග්ස්ගෙන්ය.බ්‍රියෝනි කිමින්ග්ස් යනු එමා තොම්සන්ගේ සැමියා වීම තවත් විශේෂත්වයකි. මෙහි කතාව එමා තොම්සන් සමඟ ග්‍රේග් වයිසවිසිනි. කතාව සිනමාවට නඟන ලද්දේ ජෝන් ශ්වාස්ට්මන් වු අතර සංස්කරණය බ්‍රෙන්ට් වයිට් ය. Last Christmas  සංගීත නිර්මාණය තියොඩෝර් ෂැපිරෝ විසිනි. චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු 43ක් වේ. මෙහි මුලික වියදම ඩොලර් මිලියන 30ක් පමණ වී ඇත. එමීලියා ක්ලාක් සහ හෙන්රි ගෝල්ඩින් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ අතර ඔවුන් ටොම් සහ කේට්ගේ චරිතවලට පණ පොවනු ලබයි. මිචෙල් යෝහ් සහ එමා තොම්සන් සහාය රංගන ශිල්පීන් වේ. ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් ලොව පුරා සිනමාශාලාවන්හි “ Last Christmas ” මේ වන විට තිරගත වේ.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top