මේ හැම දේම මට ලැබෙන්නේ මගේ පුතාගේ වාසනාවට කියලයි මම හිතන්නේ
Friday, 06 December 2019 - 21:33 | Views - 1,659
ජීවිතය ලස්සනයි හරහා සිනමා තාරකාවියක් වූ ඇය අද පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. කාලෙකට පස්සේ මහේෂි මධුෂංකා  නිර්මාණයක් ඔස්සේ දැකගන්න ලැබෙනවා. ඇය අලුත් තොරතුරු ගැන කියන්නේ මේ විදිහටයි.

මේ දවස්වල වගේම ගොඩ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙන්නේ ඔබේ අලුත්  චරිතය ගැන නේද?

අපේ රටේ සමස්තයක් වශයෙන් සිදුවන කාලීන ප්‍රශ්නයක් තමයි ඒ ටෙලිනාට්‍ය හරහා කතා කිරීමට උත්සාහ කරලා තියෙන්නේ. පවුලක් තුළ සිදුවන කාලීන ප්‍රශ්නයක්. මම මගේ චරිතය හරහා එය ප්‍රතිනිර්මාණය කරනවා. මෙවැනි ප්‍රශ්නවලට අප රටේ ගොඩ දෙනෙක් මුහුණපානවා. ඒ නිසා ජනතාව ඇය ආදරයෙන් වැලැඳගත්තා.

කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?

අවුරුද්දකට විතර පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. පුතාගේ වැඩකටයුතු නිසා මම පොඩි කාලයක් ගෙදරට වෙලා ඉන්න කොට තමයි අලුත් ටෙලිනාට්‍යයක පිටපත මගේ සුරතට ලැබුණේ. එය කියවලා බලන කොට මට ලැබුණු  චරිතය තුළින් මට දෙයක් කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් ඇය ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. සමන් කුමාර ලියනගේ හොඳ නිර්මාණ අධ්‍යක්‍ෂකවරයෙක්. ඉතින් මම දෙපාරක් නොහිතා මට ලැබුණු ආරාධනාව භාරගත්තා. මට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන්.

පසුගිය දවස ඔබත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා නේද?

මගේ ලොකු ආසාවක් තිබුණා එවැනි තරගයකට සම්බන්ධ වෙන්න. 2019 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණ කිරුළ මට හිමි වුණා. මේ හැම දේම මට ලැබෙන්නේ මගේ පුතාගේ වාසනාවට කියලයි මම හිතන්නේ. මම ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා.

ඔබට සැමියාගෙන් මොනවගේ සහායක්ද ලැබෙන්නෙ ඔබගේ නිර්මාණ කටයුතු සඳහා?

එයා මටත් වඩා උනන්දුවෙන් මාව දිරිගන්වන එක තමයි කරන්නේ. අපි දෙන්නාගේ එකම සම්පත අපේ දරුවා. මොන දේ කළත් අපි දරුවා ගැන හිතලා තමයි දෙවනුව වැඩ ගැන හිතන්නේ. මගේ නිර්මාණ වැඩකටයුතුවලට ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ. හැමදේම සමබරව කරගෙන අපි සතුටින් ඉන්නවා. පවුලක වටින එකම දෙය සතුට විතරයි.

ජනප්‍රියතාව වෙනුවෙන් ගොඩදෙනෙක් කරන්නේ ගොසිප් මවන එක. ඔබටත් ගොසිප් මවනවාද?

ගොසිප් කියන දේ ඕනෑම කෙනෙක්ට ලැබෙන දෙයක්. ඉතින් සමහරු වුවමනාවෙන් ගොසිප් හදාගන්නවා. මම ගොසිප් කියන දේවල් එතරම් විශ්වාස කරන්නේ නැහැ. මට එහෙම ගොසිප් හැදිලත් නැහැ.

නිලන්ති රේණුකා















Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,046 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,165 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top