ලිංගික හිරිහැර ගැන සම්මානලාභී සුරූපී නිළියගේ අනාවරණයෙන් පසු ප්‍රංශ සිනමාව කැළඹෙයි
Friday, 08 November 2019 - 11:15 | Views - 1,057

යොවුන් වියේ දී රංගනයෙන් එක්වූ පළමු සිනමාපටයේ අධ්‍යක්ෂවරයා තමන්ට ලිංගික හිරිහැර සිදු කළේ යැයි ප්‍රංශයේ සම්මානලාභී රංගන ශිල්පිනියක කළ අනාවරණය, එරට සිනමා කර්මාන්තය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබේ.

ලිංගික හිරිහැර ගැන නිළි ඇඩෙල් හයිනල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත්තේ “ලීවින්ග් නෙවර්ලෑන්ඩ්” නම් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ය. එය නැසීගිය ලෝක ප්‍රකට ගායන ශිල්පී මයිකල් ජැක්සන් ළමයින් සමඟ පැවැත්වූ සම්බන්ධතා ගැන හෙළි කළ චිත්‍රපටය කි.      

“එය මගේ දෘෂ්ටිකෝණය වෙනස් කළා,” යනුවෙන් මිඩියාපාට් පුවත් වෙබ් අඩවිය සමඟ පැවැත්වූ දීර්ඝ සහ සංවේදී සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඇය පැවසුවා ය.

“ආදර කතාවක් කියලා හිතාගෙන ක්‍රිස්ටෝෆ් රජියා(චිත්‍රපට අධ්‍යක්ෂ)ට මම දිගු කාලයක් තිස්සේ ඇලීගෙන හිටියා කියල මට ඒකෙන් තේරුණා. පාලනයේ සහ ආකර්ෂණයේ උපායන් එමඟින් මට අවබෝධ වුණා.”

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන හයිනල්, රජියාගේ සිනමාපටයක් වන “Les Diables” (යක්ෂයින්) හි රඟපාන විට 12 හැවිරිදි වියේ පසුවිය. සිය සොහොයුරා සමඟින් දෙමාපියන් සොයායන, ඔටිසම් රෝගයෙන් පිඩා විඳින අනාථ දැරියකගේ චරිතයක් ඇය එහිදී නිරුපණය කළා ය.

 109556322 057791713 1

වෙනත් සාක්ෂිකරුවන් 30 දෙනකු පමණ ඇතුලත් මිඩියාපාට් වෙබ් අඩවියේ විමර්ශනයට අනුව රජියා මේ යොවුන් රංගන ශිල්පිනිය කෙරෙහි ඇල්මක් ඇතිකරගෙන තිබේ. අනෙකුත් නළුවන් සහ තාක්ෂණික ශිල්පින් මෙම අවුල්සහගත තත්වය ගැන දර්ශන තලයේ දී කතා බහට ලක් කර ඇත.  

ප්‍රංශ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නැති බැවින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හයිනල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, බාල වයස්කරුවෙකුට ලිංගික හිරිහැර සිදු කිරීම ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීතිවේදින් කටයුතු කර ඇත. ඒ ප්‍රකාශිත සාක්ෂිය පදනම් කරගනිමිනි.

ලිංගික පීඩා සිදු කළේ යැයි තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සිනමා අධ්‍යක්ෂ රජියා ප්‍රතික්ෂේප කරන නමුත් රංගන ශිල්පිනි හයිනල් සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙහි ‘වැරදි’ ඇති බව පිළිගෙන තිබේ.   

අවාරා

Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,040 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,162 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top