අගහිඟ කම් නිසා සුද්දන්ට මගපෙන්වන්න ගිය රොෂාන්ට ජිවිතයෙන් වන්දිගෙවන්න වුණු හැටි
Friday, 15 December 2017 - 19:44 | Views - 5,506
"රුපියල් නෙමෙයි එන්නේ ඩොලර්ස් ආ"
 
"සුද්දි දිය කිඳුරියක් වගෙයි"

"ගොඩක් සුද්දො බලාපොරොත්තු වුණේ ලිංගිකව හැසිරෙන්න"

මුහුදක නැගෙන රැලි ගණන් කරන්න බැහැ වගේම සිතකට නැගෙන සිතුවිලි කාටද ගණන් කරන්න පුළුවන්.  රැල්ලකට පස්සේ තවත් රැල්ලක් , සිතුවිල්ලකට පස්සේ තවත් සිතුවිල්ලක්.

එකකට එකක් සාපේක්ෂ සිතුවිලි එක්ක අපේ ජීවිතේ ගෙවෙනවා. ඔය අතරේ තවත් ජීවිත ජීවත් වෙන්න මුහුදත් එක්ක ඔට්ටු අල්ලනවා. තවත් අය අහසයි මුහුදයි එකතුවෙන දිහා බලාගෙන සිහින එකතුකරනවා.

ඒ දිහා බලාගෙන හීන මවලා මග වරද්දගත්ත කොල්ලෙක්ගේ තවත් කතාවක් ගැනයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 11 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව රොෂාන් ගැනයි. දේසේ හැටියටයි වාසේ කියලා කතාවක් තියෙනවනේ. මේ කොල්ලත් දේසේ හැටියට වාසෙට හුරුවුණා. මුහුදට කන තියාගෙන ජිවිතය ඉගෙනගත්ත මේ රොෂාන් මුහුදත් එක්කම ලොකු මිනිහෙක් වුණා.

රෝෂාන් පුංචි කාලෙ ඉඳන්ම හැදුනේ වැඩුනේ වැල්ල දිහා බලාගෙනයි. රොෂාන්ගේ පියා රැකියාවක් විදිහට කළේ ධීවර රස්සාව. එහෙම රැකියාවට ගිය රොෂාන්ගේ පියාව මේ මුහුද බිලිගන්නවා. ඒ රොෂාන් පුංචි කාලෙදිමයි.

ඉන්පසු රොෂාන්ගේ මව ගොඩක් කරදර මැද රොෂාන්ව ලොකු මහත් කරනවා. ඒත් රොෂාන් ලොකු වෙනකොට මවට පිළිකාවක් වැළදෙනවා.

අම්මගේ ඒ අසනීපේ නිසා රොෂාන් හුඟක් දුක්වෙනවා.

ඔහොම ඉන්නකොට රොෂාන්ට BEACH BOY කෙනෙක් විදිහට රැකියාවක් ලැබෙනවා.

ඒ රැකියාව ලැබෙන්නේ රොෂාන්ගේ පුංචි කාලේ යහළුවන් නිසයි.

රෝෂාන් මුලින් පොඩියට පටන්ගත්ත මේ රස්සාව ටික ටික වැඩිවෙන්න ගත්තා. ලඟට එන විදෙස් ජාතිකයන් ගානත් වැඩිවුණා.

ඔවුන්ගෙන් ලැබෙන සල්ලිත් එක්ක රොෂාන්ගේ ජීවිතෙත් වෙනස් වෙන්න ගත්තා. ඔය අතර තුර ගැහැණු පිරිමි භේදයකින් තොරව විදෙස් ජාතිකයින් එක්ක විලාස් වලට ගිහින් ලිංගිකව එකතුවෙන්නත් රොෂාන්ට සිදුවුණා.

රොෂාන්ට හිටියා සුද්දි කියලා පෙම්වතියක්. ඇය පුංචි කාලේ ඉඳන්ම රොෂාන් එක්ක එකටම හැදුනු වැඩුනු කෙනෙක්. රොෂාන් ඇයට හුඟක් ආදරය කළා.

නමුත් කාලයක් යනකොට රොෂාන්ගේ මේ රැකියාව පෙම් සබඳතාවයට ප්‍රශ්නයක් වෙනවා.

ඔය ප්‍රශ්න අතරතුරම විදෙස් ජාතිකයන් සමග ලිංගිකව එක්වෙන්න ගිය රොෂාන් සමාජ රෝගයකට ගොදුරුවෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

රොෂාන්ගෙ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top