පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා.
WhatsApp සහ Instagram යනු Facebook ආයතනයට අයත් සමාජ ජාල මාධ්‍ය අඩවි වනවා.
සවස 7.20 පමන මෙම බිදවැටීම පිලිබදව වාර්තා වීම සමගම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එය ශ්‍රී ලංකාවටම පමණක් පොදුවූ තත්වයක් නොව සමස්ත ලෝකයටම බලපාන ලද බිදවැටීමක් ලෙස නිවේදනය කළා.
මෙම බිද වැටීමට හේතුව Server ගැටලුවක් නිසා බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කෙළේ.
Facebook, Instagram, WhatsApp යෙදුමෙහි චායාරූප,වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යන භාගත නොවී පැවතීම සහ එම අඩවියන් පරිශීලක ගිණුම් වලට පිවිසීමේදී පවා යම් යම් බාධා ඇති වුණා.
ඉකුත් 2දා ලොව පුරා වෙබ් අඩවි ගණනාවකට සේවා සපයන Cloudflare ආයතනයේ තාක්ෂණික බිදවැටීමක් සිදුවීම හේතුවෙන් සමස්ත අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවි වල විශාල ප්‍රමාණයක් බිදවැටිමකට ලක්වී ඇති අතර මෙම බිදවැටීම මිලියන ගණනක් වූ වෙබ් අඩවි ප්‍රමාණයකට බලපා තිබෙනවා.
මෙම මිලියන ගණනක් වූ වෙබ් අඩවි අතරට ශ්‍රී ලාංකික වෙබ් අඩවි සුළු ප්‍රමාණයක්ද ඇතුලත්වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත වාර්තා වී තිබෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.
මෙම බිදවැටීම් දෙකම එකිනෙකට සම්බන්ධයැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ යම්කිසි සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන ලැබුවත් එම කටකතා සත්‍ය නොවන අතර ෆේස්බුක් වැනි ලෝකයේ වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින සමාජ මාධ්‍ය අඩවියක් තවත් ආයතනයකින් Server පහසුකම් මිලදී නොගන්නා අතර තම දත්ත ගබඩා කරගැනීමට අදාළ Data Centers ඔවුන් සතුවම පවතිනවා.
එමෙන්ම මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි මේ වසර හා පසුගිය වසර කිහිපයකදීම කිහිප වතාවක් බිදවැටුණු අතර එම බිදවැටීම් සියල්ලටම හේතුව ලෙස Server හා බැදී තාක්ෂණික ගැටළු යැයි ඔවුන් විසින් තම පරිශීලකයන් හට දන්වා තිබෙනවා.